Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි
    Featured

    ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

    By LFNMay 8, 2023No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කර අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්වලින් පැවසේ.

    මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට ( 9) දහවල් 12.00 ට පැවැත්වීමට නියමිතය.

    කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සෙසු කොමිෂන් සභා පත් කිරීම ප්‍රමාද කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවයි.

    එම කොමිෂන් සභා හැකි ඉක්මනින් පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

    ස්වාධීන කොමිෂන් සභා පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් දැනටමත් පත් කරනු ලැබ ඇත.

    පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීම්වලදී දිගින් දිගටම කරුණු පෙන්වා දී තිබිණ. එහෙත් මැතිවරණය කල් ගොස් ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීමට කිසිදු බාධාවක් ඇති නොවන බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 20250116 Views

    හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්…

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.