Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනයට බරපතළ තර්ජනයක්
    Business

    ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනයට බරපතළ තර්ජනයක්

    By LFNMay 7, 2023No Comments2 Mins Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

    රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    වෙනත් රටක සිට භාණ්ඩ ආනයනය කර රේගු ගාස්තුවලින් තොරව වරාය තුළ රඳවා යළි තවත් රටකට අපනයනය කිරීම මෙම අන්තරාළ වෙළෙඳාම මඟින් සිදුකරනු ලබයි.

    ආනයනය කරන භාණ්ඩය තවත් රටකට අපනයනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ සිට එවා ඇති බවට ලිඛිතව දැනුම්දීම සිදුවන අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හරහා අපනයනය සිදුවන බව වාර්තා වේ.

    කෙසේවෙතත් මේ වන විට මෙම අන්තරාළ වෙළෙඳාම ජාවාරම්කරුවන් පිරිසක් විසින් අවභාවිතා කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.

    ආනයනය කරන භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලෙස ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර අපනයනය කිරීම මෙහිදී ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇති බව වාර්තා වේ.

    රේගුවට ද වංචා සිදුකරමින් මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර අපනයනය කරන ලද රේගු බහලුම් 04ක් පිළිබඳව මේ වන විට රේගු මධ්‍යම බුද්ධි අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

    ඉන් බහාලුම් 02ක් කොළඹ වරායේ රඳවාගෙන ඇති අතර තවත් බහාලුම් 02ක් මේ වන විටත් විදෙස් රටවලට යවා ඇති බව වාර්තා වේ.

    මෙම අන්තරාළ වෙළෙඳාමට අදාළ ජාවාරමට සම්බන්ධ ඇතැම් සමාගම්වල හිමිකරුවන් ඉන්දියානු ජාතිකයින් වීම හේතුවෙන් සිදුකරන විමර්ශනවලට බාධා එල්ල වී ඇති බව වාර්තා විය.

    පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන බහාලුම් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව පැවසේ.

    රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ක්‍රියාවලියට ඉදිරියේදී බරපතළ තර්ජනයක් විය හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.