Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මැති සබය උණුසුම් කළ ජනපතිගේ යෝජනාව
    Hot News

    මැති සබය උණුසුම් කළ ජනපතිගේ යෝජනාව

    By LFNApril 26, 2023No Comments3 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 07ක මුදලක් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹි ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය අද (26) ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ එය සම්මත කරගැනීම සඳහා සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසය.

    “ආර්ථික ප්‍රශ්නයත්, මුල්‍ය ප්‍රශ්නයත් IMF ගිවිසුම විස්තර කරලා දෙන්නම්. විදේශ ණය හිමියන් ඒ පියවර ගත්ත නිසා තමයි අපිට මූල්‍යකරණ සහතිකය ලැබුණේ. මූල්‍යකරණ සහතිකය නිසා තමයි විශේෂයෙන්ම එක් ලබාදුන්න පැරිස් සමාජය හා ඉන්දියාව පොදුවේ ක්‍රියාකරලා ඒක අපිට ලබලා දුන්නා. ඉන්දියාව ඉස්සෙල්ලාම මේක ප්‍රකාශ කළේ, ඒකට ස්තූතිවෙනවා. චීනය වෙනම ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. එක අතකින් ඉන්දියාව හා පැරිස් සමාජය සමග අපි සාකච්ඡා කරනවා. අනිත් අතින් චීනය සමග සාකච්ඡා කරනවා. මේවායින් පස්සේ අපි පුද්ගලික ණයකරවන් එක්ක සාකච්ඡා කරනවා. මේ ගිවිසුම නිසා අපිට IMF එකෙන් ඩොලර් බිලියන 3ක් විතර ‍ඊළඟ අවුරුදු 4 ලැබෙනවා. ඒ වගේම අනිත් ආයතනවලින් ඩොලර් බිලියන 7ක් වගේ ලබාගන්න පුළුවන්. මේකේ ප්‍රතිඵල දැනටම පේනවා.

    “විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 වෙනි අවස්ථාවේ දී ස්ථාවර විසඳුමක් එද්දි අපේ දීර්ඝ කාලීන දුර්වලකම් නැති කරලා අලුත් වැඩසටහනකට යන්න තියෙනවා.

    මේකට කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමා ණය පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපිට තියෙන සාකච්ඡා. ඒක අපේ ද්විපාර්ශවික රටවල් එක්කත් ඒ වගේම පුද්ගලික ණයකරුවන් සමග සාකච්ඡා කරනවා. අපිට උවමනයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. රජයට අවශ්‍ය සේවයන් සඳහා මුදල් ලබාගන්න. ඒ නිසා පළමුවෙන්ම අපිට තියෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැනත් සාකච්ඡා කරන්න කියලා. දැනට අන්තිම තීරණය අරගෙන නෑ. ඒකයි රාජ්‍ය ඇමතිතුමත් මහ බැංකු අධිපතිතුමත් කිව්වේ. නමුත් මේ ගැන සාකච්ඡා කරද්දි අපි තීරණ ගන්න ඕනේ. අපිට කොන්දේසි දාලා සාකච්ඡා කරන්න බෑ. ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එනවා. ඊට වඩා අපිට වාසියි කොන්දේසි නැතිව සාකච්ඡාවලට යන එක. කාටවත් හානියක් වෙන්නේ නෑ. සමහර බැංකු කියනවා මේකට මුහුණදෙන්න බෑ කියලා. මම කියන්නේ එහෙම නම් තමන් භාරගෙන මේ ආර්ථිකය ගෙනියන්න.

    එක එක අයට තුවක්කුවක් ඔළුවට තියලා කියන්න බෑ මේක කරොත් මේක කඩා වැටෙනවා කියලා. විශේෂයෙන්ම කොටස් වෙළෙදෙපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නම්. එච්චරයි තියෙන්නේ. මේක හදලා එද්දි කියන්න බෑ මේ කොන්දේසි ගැන. අපි පාර්ලිමේන්තුවේ තීරණය කරලා කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා.

    මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ සාමාජිකයින්ට අපි හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපි නේ ආරම්භ කළේ. දරිද්‍රතාවයෙන් පෙළෙන අයට අපි වැඩ කරනවා. ලෝක බැංකුව කියනවා මේ අය ගැන බලන්න කියලා. දිය යුත්තන්ට දෙන්න. සුදුසුකම් නැති අය ඉවත් කරන්න. අපි අලුත් ආරක්ෂක ඡාලාවක් ඇති කරන්න ඕනේ. විශේෂයෙන් අපිට මුල්‍ය ස්ථාවරභාවයක් ඇති කරන්න ඒ වගේම අඩු ආදායම්ලාභීන්ව ආරක්ෂා කරන්න ඕනේ.

    IMF ගිවිසුම හැර වෙන විකල්පයක් අපිට අද නෑ. කවුරුත් එකක් යෝජනා කරලත් නෑ. ක්‍රියාකාරි විකල්පයක් නැත්නම් අපිට තියෙන්නේ මේක අනුමත කරන්න. අපි ඔක්කෝම එකතුවෙලා මේක සම්මත කරමු කියලා කියන්න කැමතියි. අපි ඔක්කෝම ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කරමු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.