Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩොලර් මිලියන 250 ගියේ කාගේ සාක්කුවට ද ?
    Featured

    ඩොලර් මිලියන 250 ගියේ කාගේ සාක්කුවට ද ?

    By LFNApril 25, 2023No Comments2 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානියට වන්දි අයකර ගැනීම වැළැක්වීම සදහා අල්ලස් ලබා ගත් පුද්ගලයෙකු සිටී නම් ඒ පිළිබඳව අනාවරණය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේ වන්දි අයකර ගැනීමේ නඩුව සිංගප්පූරුවේදී පැවරීමට තීරණය කළේ ඇයිද යන්න පිළිබදව කරුණු හෙළිකළ යුතු බවය.

    එසේම ශ්‍රී ලංකාව තුළ නඩු පවරමින් වැඩි වාසියක් ලබාගත හැකිව තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට බලධාරීන් තීරණය කළේ මන්දැයි විශේෂඥයන් සැක මතුකරයි.

    එසේම නඩු පැවරීම හා වන්දි ලබාගැනීම අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා දී ඇති බවට අධිකරණ අමාත්‍යවරයා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර, එම පුද්ගලයා කවුරුන්දැයි රටට වහාම හෙළි කරන ලෙස පාර්ශ්ව රැසක් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

    2021 මැයි 20 වනදා කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මෙරට මුහුදු තීරයට හා පරිසර පද්ධතියට ඉන් සිදුවූයේ දැවැන්ත හානියකි.

    ඊට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් නෞකා සමාගමෙන් අය කරගැනීමට හැකියාව තිබුණත් එම නඩු පැවරීමේ කටයුතු දිගින් දිගටම ප්‍රමාද විය.

    එවන් පසුබිමක, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 18 වනදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, අදාළ නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් නෞකාවේ රක්ෂණ සමාගම ලබා දී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.