මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස් සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊයේ (23) මත්තේගොඩ පාරේ දී මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති 54 හැවිරිදි ගල්වල පාර, මිරිහාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මිරිහාන ගල්වල පාර ප්රදේශයේදී ඊයේ (23) අලුයම පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණි.
පොලීසිය පැවසුවේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම පිහිඇනුම සිදුකර ඇති බවය.
සිද්ධියෙන් මියගියේ සජිත් මධුසංක නම් 34 හැවිරිදි තරුණයෙකි.
එම සිදුවීමේදී තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.
දෙනියාය ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි ඔහු මියගිය පුද්ගලයාගේ ඥාතියෙකි.
පිහි ඇනුම සිදුකර ඇත්තේ ද මියගිය තරුණයාගේම අසල්වැසි නිවසක වාසය කළ සමීප ඥාතියෙකු බව පොලීසිය සඳහන් කළේය.