Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ජපානයෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක්
    International

    ජපානයෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක්

    By LFNApril 23, 2023No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලීමට සූදානම් වන ලෙස ජපානය අද එරට හමුදාවට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාව සිය පළමු හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජපාන රජය හමුදාවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

    ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව SM 3 වර්ගයේ මිසයිල නාශක අවි භාවිත කරන ලෙස ජපාන රජය එරට හමුදාවට නියෝග ලබා දී ඇති බවයි පැවසෙන්නේ. SM 3 යනු කෙටි සහ මධ්‍ය පරාසයක දුරක් ඉලක්ක කෙරෙන බැලස්ටික් මිසයිල විනාශ කිරීමට අමෙරිකානු නාවික හමුදාව භාවිතා කරන ආරක්ෂක අවි විශේෂයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    උතුරු කොරියාව මෙලෙස හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ට බැලස්ටික් මිසයිල තාක්ෂණයේ අත්හදා බැලීම් සිදු කිරීම තහනම් කර ඇති පසුබිමක් තුළයි.

    කෙසේවෙතත් උතුරු කොරියාව ඒ සඳහා සූදානම් වුවහොත් බැලස්ටික් මිසයිලයක් කඩා වැටීමකදී සිදුවන හානිය සීමා කිරීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස ජපානයේ ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා එරට හමුදාවට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    2012 සහ 2016 වසරවලදීද උතුරු කොරියාව චන්ද්‍රිකා දියත් කිරීම් ලෙස හඳුන්වමින් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. එම මිසයිල දෙකම ජපානයේ ඔකිනාවා කලාපයට ඉහළින් පියාසර කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි

    October 25, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,379 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 20250147 Views

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ…

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025

    වැලිගම සභාපතිට කාඩ් එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

    October 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.