Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ජපානයෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක්
    International

    ජපානයෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක්

    By LFNApril 23, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලීමට සූදානම් වන ලෙස ජපානය අද එරට හමුදාවට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාව සිය පළමු හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජපාන රජය හමුදාවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

    ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව SM 3 වර්ගයේ මිසයිල නාශක අවි භාවිත කරන ලෙස ජපාන රජය එරට හමුදාවට නියෝග ලබා දී ඇති බවයි පැවසෙන්නේ. SM 3 යනු කෙටි සහ මධ්‍ය පරාසයක දුරක් ඉලක්ක කෙරෙන බැලස්ටික් මිසයිල විනාශ කිරීමට අමෙරිකානු නාවික හමුදාව භාවිතා කරන ආරක්ෂක අවි විශේෂයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    උතුරු කොරියාව මෙලෙස හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ට බැලස්ටික් මිසයිල තාක්ෂණයේ අත්හදා බැලීම් සිදු කිරීම තහනම් කර ඇති පසුබිමක් තුළයි.

    කෙසේවෙතත් උතුරු කොරියාව ඒ සඳහා සූදානම් වුවහොත් බැලස්ටික් මිසයිලයක් කඩා වැටීමකදී සිදුවන හානිය සීමා කිරීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස ජපානයේ ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා එරට හමුදාවට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    2012 සහ 2016 වසරවලදීද උතුරු කොරියාව චන්ද්‍රිකා දියත් කිරීම් ලෙස හඳුන්වමින් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. එම මිසයිල දෙකම ජපානයේ ඔකිනාවා කලාපයට ඉහළින් පියාසර කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.