Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ
    Hot News

    ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ

    By LFNApril 22, 2023No Comments4 Mins Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය.

    එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (20) පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    “ස්ථාවර සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ළඟා කරගැනීමට අපට තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා. අපි දැන් මොනවද කරලා තියෙන්නේ? වොෂින්ටනයේ වසන්ත සැසිවාරයට සහභාගීවීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකුවේ අධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. බහුජාතික සමාගම් අපට උදව් කිරීමට එකඟ වූ බවට සුබ ආරංචිය ඔවුන් විසින් ගෙනවිත් තිබෙනවා.”

    “නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම ඉටු කිරීමට අපට එක් කොන්දේසියක් තිබෙනවා. එය ප්‍රතිව්‍යුහගත කර ගැනීමයි. මම ජපානයේ මුදල් අමාත්‍යවරයා, ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා සහ ප්‍රංශයේ සිට පැරිස් සමාජයේ ප්‍රධානියා සමඟ සූම් හමුවීමක් පැවැත්වුවා. සියලු ණයහිමියන් නියෝජනය කරමින් ඔවුන් අපව ඉදිරියට යාමට දිරිමත් කළා.”

    “ඒ වගේම මෙම ප්‍රශ්නය විසඳීමට අප සමඟ එක්වන අනෙක් ප්‍රධාන හවුල්කරුවා වන චීනය සමඟත් සාකච්ඡා කරමින් සිටිනවා.”

    “ඉතින් එකට සහ වෙන වෙනම අපි ඉදිරියට යමින් සිටිනවා. අප මෙතෙක් කළ දේ බොහෝ පුදුම සහගතයි. මෙතරම් කෙටි කාලයක් තුළ අප තත්ත්වය වෙනස් කළේ කෙහොමද? ඊට ප්‍රායෝගික බුද්ධිය යැයි කියා කියන්න මම කැමැතියි. නමුත් ඊට වඩා, ඔබ දරාගත යුතුවූ දැඩි තීරණ ගැනීමට සිදුවීම මගේ ජීවිතයේ බොහෝ විට දුෂ්කරම අවධිය ලෙස හැඳින්විය හැකියි.”

    “දිගුකාලීන විකල්ප මොනවාද? මධ්‍ය කාලීනව විකල්ප මොනවාද කියා සොයා ගැනීම තුළින් හොඳ ප්‍රථිඵල නෙලාගන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්න දෙකෙන් එකක් තමයි ආදායම් ප්‍රශ්නය. මොන දේ කරන්නත් මුදල් අවශ්‍යයි.”

    “එහිදී ආදායම වැඩි කරගන්නේ කොහොමද කියා බලන්න සිදුවෙනවා. එබැවින් ඔබ සියලු දෙනා වෙතින් ඔබේ පුද්ගලික බදු සහ ඔබේ සමාගම් බදු යන දෙකම එකතු කරන්න වෙනවා. ඒ කාලේ අපිට තිබුණු එකම විසඳුම එය වුණත් එය පරිපූර්ණ විසඳුම නෙමෙයි. නමුත් වර්තමානයේ අපිට තියන එකම විසදුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. නමුත් ඉදිරි කාලය තුළ එය වෙනස් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

    “අප වඩා හොඳ ආදායම් එකතු කිරීමේ ක්‍රමයක් සහ හොඳ බදු ව්‍යුහයක් ඇති කරනවා. එබැවින් මහා භාණ්ඩාගාරය දැන් ආදායම් එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ දියුණු කළ යුතු ක්ෂේත්‍ර රාශියක් තිබෙන අතර මේ වසර තුළ එය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අනෙක් කාරණය තමයි, ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ.”

    “ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ අපගේ ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොවේ. ඔවුන් අපට උදව් කිරීමට නම්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අප ද සම්බන්ධ විය යුතුයි. මම හිතන්නේ ඔවුන් කිසිවෙක් නිෂ්ඵල දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අපට මේ සහනය ලබාගන්න නම් අපටත් යම් කැපකිරීමක් කරන්න වෙනවා. එය අප තේරුම් ගත යුතුයි. මහා භාණ්ඩාගාරය දැන් විවිධ විකල්ප දෙස අවධානය යොමු කර තිබෙනවා.”

    “එහිදී මම දැනුම් දුන්නා ඉදිරිපත් කරන විකල්ප කුමක් වුවත් එය මිනිසුන්ට දුක් විඳීමට සිදු නොවන දෙයක් බවට සහතික කළ යුතුයි කියා. එබැවින් එය දුෂ්කර විකල්පයක්. මම ඔවුන්ගේ විකල්ප සීමා කර, පටු කර තිබෙනවා. නමුත් මට විස්වාසයි අපි මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි බව. අපි ණය ප්‍රතිව්‍යුහගත නොකරන්නේ නම් අපිට මීට වඩා බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ණය පියවීමටත් සිදුවන නිසා අපි ප්‍රශ්න එකින් එක නිරාකරණය කරගනිමු.”

    “අපි මේ මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගැනීමට අපේක්ෂා කරනවා. එමෙන්ම ලබන මැයි මාසය අවසන් වන විට ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්ථික ස්ථායීකරණ කමිටු වාර්තාව දැනටමත් සකස් කර අවසන් බව සඳහන් කළයුතුයි. එය නැවත සමාලෝචනය කිරීම සහ සංශෝධන කටයුතු මේ වනවිට ජනාධිපති කාර්යාලය සහ සෙසු පාර්ශ්වයන් එක්ව සිදු කරමින් පවතිනවා.”

    “අපි ඉදිරි වසර පහ සහ ඉදිරි වසර දහය දෙස බලා සිටිනවා. ඒ වගේම පසුගිය දශක කිහිපය තුළ පැවති බාධාවන් ඉවත් කර ආර්ථිකය කඩිනමින් විවෘත කිරීම අපේ අපේකෂාවයි.”

    “අප ක්‍රියාශ්‍රීලී අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ලෙස සංවර්ධනය විය යුතුයි. අපේ ප්‍රධාන අරමුණ වනුයේ ඉන්දියාව සමඟ විස්තීරණ ආර්ථික හා තාක්‍ෂණික හවුල්කාරිත්වයකට එළඹීමට පමණක් නොව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත පිවිසීමටයි. ඒ නිසා අපි ඔවුන්ගේ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය ප්‍රමිතියට අනුව වර්ධනය විය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.