අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් තායිවාන සමුද්‍ර සන්ධිය වෙත යාත්‍රා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු නාවික හමුදාවට අයත් USS Milius නමැති මිසයිල නාශක නෞකාව එලෙස තායිවාන සමුද්‍ර සන්ධිය වෙත පැමිණ ඇති බවය.
තායිවානයට එරෙහිව චීනය ආරම්භ කළ හමුදා අභ්‍යාසයෙන් දින කිහිපයකින් අනතුරුව අමෙරිකානු යුද නෞකාවක් මෙලෙස අදාළ සාගර කලාපය වෙත ළඟාවීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය පවසයි.
ජාත්‍යන්තර නීතියට අනුකූලව මෙම යාත්‍රා කිරීම සිදුකරන බවද අමෙරිකානු නාවික හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.