ඉන්දියාව සමග පවතින වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රුසියාව තවත් පියවරක් ගෙන තිබේ.
ඒ අනුව, රුසියාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය කාර්යාලයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී විවෘත කර ඇත.
ඉන්දියාව තුළ රුසියාව සිදුකරන ව්‍යාපාරික මෙහෙයුමේ කොටසක් ලෙස එම කාර්යාලය විවෘත කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති බවය.
2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගනුදෙනු දෙගුණකටත් වඩා වර්ධනය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.