Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාව පීඩාවට පත්කරන කිසිදේකට ඉඩක් නෑ -ආරක්ෂක රාජ්‍ය ඇමති
    Featured

    ජනතාව පීඩාවට පත්කරන කිසිදේකට ඉඩක් නෑ -ආරක්ෂක රාජ්‍ය ඇමති

    By LFNApril 6, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයට කටයුතු කිරිමට වත්මන් රජය සූදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, නිසි වැඩපිළිවෙළක් යටතේ රට සංවර්ධනය වෙත යන මොහොතේ එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවය.

    “මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි ජන ජීවිතය අඬාල කරන්න කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. සාධාරණ උද්ඝෝෂණවලට වැඩවර්ජනවලට අපේ කිසිම පීඩාවක්, කරදරයක්, බාධාවක් නෑ. ඒවට අපි ඉඩදෙනවා. නමුත් ජනතාව පීඩාවට පත්කරන කිසිම දෙයක් කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. අපි එක එක්කෙනා කියපු විදියට වැඩ කරා මෙච්චර දවසක්. වෘත්තීය සමිතිවලට ඕන විදියට වැඩ කරා. අපි විවිධ පාර්ශවවලට ඕන විදියට වැඩ කරා. අවසානයේ වගකීම තියෙන්නේ අපේ. ඒ නිසා එක එක්කෙනාට ඕන විදියට වැඩකරන රජයක් නෙමෙයි තවදුරටත් තියෙන්නේ. මේක අලුත් රටක්. අලුත් නායකයෙක්. අලුත් ජනාධිපතිවරයෙක්. අලුත් රජයක්. මේ රජය යටතේ අපි පැහැදිලි වැඩපිළිවෙලක්, දර්ශනයක් ඇතිව වැඩකරන්නේ. අපි වගකීමෙන් වැඩකරන්නේ. මේ වෙලාවේ සියලුදෙනාගෙන්ම ඉල්ලන්නේ අපේ රටේ ප්‍රගමනයට, දියුණුවට තිබුණ ලොකුම බාධාව තමා ජනතාව අතර තිබුණ අසමගිය, අවිශ්වාසය. අපි ඒ තත්ත්වය තුරන් කරලා, ශ්‍රී ලංකාව ජනතාව විදියට එකට හිටගන්න ඕනේ. ඒ සඳහා අපි සියලු පාර්ශවයන්ට ආරාධනා කරනවා…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.