Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන දැඩි තීරණයක් ගනී
    Featured

    පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන දැඩි තීරණයක් ගනී

    By LFNApril 5, 2023No Comments1 Min Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවය.

    සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම ලාභ ලබන ආයතන විසින්, රු.මිලියන 28ක් පමණක්, මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් ගෙවා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී මෙලෙස එම ආයතන පාඩු ලබන බවය.

    එමෙන්ම මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු, මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා ලද මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් වන බව සියළුම පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව, නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 20250120 Views

    බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම…

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.