Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුන් සමග පෙරළී ගිය කැබ් රථය ගැන හෙළිදරව්වක්
    Featured

    සිසුන් සමග පෙරළී ගිය කැබ් රථය ගැන හෙළිදරව්වක්

    By LFNApril 2, 2023No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.

    එලෙස මියගොස් තිබුණේ, බදුල්ල ධර්මදූත මහ විදුහලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

    බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය ඊයේ (01) දෙවැනි දිනටත් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.

    මීට සමගාමීව එම පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙළපාළියක්ද බදුල්ල නගරයේ පවත්වා තිබුණි.

    කෙසේවෙතත් එම රථ පෙළපාළියට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නවත්වන්නැයි පොලීසිය දැනුම්දී තිබුණි.

    ඒ, හේතුවෙන් සිසුන් රැගත් රථවාහන කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බදුල්ලේ ඉදිකළ නව භූමියට පැමිණ එහි වාහන ධාවනය කරමින් විනෝදවීමට පියවර ගෙන තිබුණි.

    එම අවස්ථාවේදී සිසුන් 15කට ආසන්න පිරිසක් රැගත් එක් කැබ් රථයක් හදිසියේ පෙරළීයාමෙන් අනතුරට ලක්වූ අතර එම අනතුර සිදුවන ආකාරය ජංගම දුරකතනයක පටිගත කර තිබුණි.

    එම අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ සිටි සිසුන් 08දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

    ඔවුන් සියලු දෙනාම 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බව වාර්තා වෙයි.

    ඒ අතර බරපතළ තත්ත්වයේ සිටි සිසුවෙකු රෝහලට රැගෙන යන අවස්ථාවේදී මියගොස් තිබූ අතර තවත් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    එලෙස මියගොස් තිබුණේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ආර්. එම්. රවිඳු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනාය.

    ඔවුන් හාලිඇල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

    අනතුර සිදුවන අවස්ථාවේ රථය ධාවනය කර තිබුණේද සිසුවෙකු වන අතර ඔහුද තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    එම අනතුරත් සමග විදුහල් දෙක අතර පැවති මෙවර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට විදුහල් බලධාරීන් තීරණය කර තිබේ.

    අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල මහ රෝහල හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා,

    “මෙම සිසුන්ට මෙම ක්‍රියාවෙන් වැළකෙන ලෙස පාසලක ගුරුවරුන් දෙදෙනෙක් අවවාද කරලා තියෙනවා. ගුරුවරුන්ගේ අවවාද පවා නොතකා ඔවුන්ටත් තර්ජනය කරමින් තමයි මොවුන් මේ ආකාරයෙන් හැසිරිලා තියෙන්නේ. එක් පියෙක් ඔහුගේ දරුවාව ටියුෂන් පංතියට අරන් ගිහින් ඇරලවලා තිබුණේ. ඒ දරුවෙක් තමයි මේ ආකාරයට මරණයට පත්වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඉතාමත් ඛේදනීය දේවල්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.