Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ පිළිතුරු පත්‍ර ගැටලුව ගැන ජනපතිගේ අවධානය
    Featured

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ගැටලුව ගැන ජනපතිගේ අවධානය

    By LFNApril 1, 2023No Comments2 Mins Read256 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම නිසා ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාලවීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීමට සම්බන්ධ නොවීමෙන් එම කටයුතු මේ වනවිට මසකට වැඩි කාලයකින් ප්‍රමාදවී තිබේ.

    2023 ජනවාරි මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 339,000ක් පෙනී සිටියේය.

    විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 23 වනදා සිටය.

    පිළිතුරු පත්‍ර ඇගයීමට ආසන්න වශයෙන් සති 06ක් ගතවන අතර ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය 19,000කි.

    පසුගිය වසරේ සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම සිදු කළද මෙතෙක් ලැබී ඇත්තේ අයදුම්පත් 13,000ක් පමණි.

    මේ හේතුවෙන් සංයුක්ත ගණිතය, විද්‍යාව, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී විෂයවලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම කිසිදු අයුරකින් ආරම්භ කළ නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි.

    මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ආසන්න වශයෙන් 1,400 දෙනෙක් අවශ්‍ය වන අතර ලකුණු ලබාදෙන ක්‍රමවේදය සැකසීම සහ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගීවන ගුරුවරු පුහුණු කිරීම ඔවුන්ගේ කාර්යභාරය වෙයි.

    එක් පිළිතුරු පත්‍රයක් ඇගයීමට ගුරුවරුයෙකුට රුපියල් 150 – 175 ත් අතර ගණනක් ගෙවනු ලබයි.

    ඊට අමතරව දිනකට ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ලබාදුන් රුපියල් 1,450 ක මුදල රුපියල් 2,000ක් දක්වා ඉහළ නැංවීමට රජය විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබුණි.

    නමුත් මෙම කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

    ඔවුන් ඒ සඳහා හේතු ලෙස පෙන්වා දී තිබුණේ රජයේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කළ යුතු බව සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

    කෙසේවෙතත් විශ්‍රාමික ආචාර්යවරු කිහිපදෙනකු පමණක් දැනට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවී සිටී.

    එමෙන්ම මෙම ගැටලුව මතුවී ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් වන අතර දෙමළ මාධ්‍ය ගුරුවරු දරුවන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

    වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පසුගිය 29 වනදා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමග උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වූවද එය එකඟත්වයෙන් තොරව අවසන් වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.