Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොවීන්ටත් QR කෝටාවක්
    Featured

    ගොවීන්ටත් QR කෝටාවක්

    By LFNMarch 30, 2023No Comments3 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේ දී ගොවි ජනතාව වෙනුවෙන් ද QR කේතයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    QR ක්‍රමවේදය භාවිත කරමින් එවිට ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත්වු බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළ ද පොහොරවලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවත්ය.

    මේ අතර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    රජයන් හෝ අමාත්‍යවරුන් වෙනස් වන විට වෙනස් නොවන, කෘෂිකර්ම ජාතික ප්‍රතීපත්තියක් සකස් කිරීම තම අරමුණ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

    සියලුම ගොවි නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සඳහා ලබාගැනීමට ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “අපි කෘෂි කේෂ්ත්‍රයේ ඉදිරියට යන්න නම්, ගන්න ඕනේ පියවර රැසක් තියෙනවා. ඒක පොහොර දීම විතරක් නෙමෙයි. අපි පොහොර ටික දීලා දැන් හරි කිව්වොත් ඒක නිවැරදි නෑ. ගොවීන්ට තිබුණ ලොකුම ප්‍රශ්නය රසායනික පොහොර අපි දෙන්න පටන් ගත්තා. එන කන්නය දැන් සම්පූර්ණ ආරක්ෂාව අපි දීලා තියෙනවා. ඊයේ අවසාන තීන්දුව ගත්තා ජනපති ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ දී. කැබිනට් මණ්ඩලයට සඳුදා යොමු වෙනවා. පොහොර ප්‍රශ්නයක් එන කන්නය තුළ ඇති විය නොහැකියි. මඩ පොහොර දැනටමත් ඒ ප්‍රදේශවලට යවලා තියෙනවා. එන සතියේ සඳුදා වෙද්දි පොහොර ඔක්කෝම බෙදලා ඉවර කරනවා.

    ඒ වගේම අපි විශ්වාස කරනවා මේ පොහොර ලබාදීමේ කටයුත්ත ආණ්ඩුව කළ යුතු නෑ කියලා. ඒකට පෞද්ගලික අංශය අපි සම්බන්ධ කර ගත යුතුයි. ඔබට ආරධනා කරනවා ඉදිරියේ දී පොහොර වැඩසටහන්වලට ජනාධිපතිතුමාගේ රජයේ අදහස රාජ්‍ය අංශය මැදිහත්වෙලා අනවශ්‍ය වියදමක් දරන්න ඕනේ නෑ. ගිය වතාවේ පොහොර ප්‍රවාහනයට පමණක් බිලියන 6.7ක් වියදම් කරලා තියෙනවා ප්‍රවාහනයට හා අනෙකුත් වියදම්වලට. ඉතින් මේක පෞද්ගලික අංශයට දීලා ගොවියාට සල්ලි ටිකක් දුන්නා නම් අපි දන්නවා ගොවීන්ට තව කාලයක් යනකල් සහනයක් ඕනේ. ඒ අය නරක තැනකට වැටිලා තියෙන්නේ. සමහරු දැන් තමා රත්‍රං බඩු ටික බේරගන්නේ. මේ කන්නයේ යම් ප්‍රමාණයක ප්‍රගතියක් තියෙනවා. ඒ අය යතාතත්ත්වයට පත්වෙන කල් ඒ අයට මුල්‍යමය වශයෙන් දායකත්වයක් ලබාදෙන්න ඕනේ.

    අපි මේ අවුරුද්දෙත් ඒ දෙන පොහොරවලට අමතරව මුල්‍යමය දායකත්වයක් දෙනවා. මුල්‍යමය දායකත්වයක් ඒ අයට දුන්නාම වවුචර් එකක් වෙන්න පුළුවන්. ඉදිරියේ දී අපි QR කෝඩ් එකක් තමා හඳුන්වා දෙන්නේ. එතකොට ඒ අයට පොහොර කඩෙන් පොහාර ගන්න, බීජ තියෙන තැනට ගිහින් බීජ ගන්න ඒ දේවල්වලට යොමුකරන්න පුළුවන්. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,302 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025011 Views

    මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින…

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.