Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තෙල් සේවකයින් ගැන ගැනීමට යන ඉදිරි පියවර
    Featured

    තෙල් සේවකයින් ගැන ගැනීමට යන ඉදිරි පියවර

    By LFNMarch 30, 2023Updated:March 30, 2023No Comments2 Mins Read274 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා සිදුකරන ලද වෘත්තීය සමිති නායකයින් සහ ඊට සහාය ලබාදුන් සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගෙන තිබුණි.

    ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීමද තහනම් වනු ඇති.

    මෙලෙස අනිවාර්ය නිවාඩු යැවූ පිරිස අතරට ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, විශ්‍රාමික ඛනිජ තෙල් සංස්ථා සේවකයෙකු වන අශෝක රන්වල සහ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සහ එහි ලේකම් ජයන්ත පරේගම යන මහත්වරුන්ද අයත්ය.

    මෙලෙස යම් සේවකයෙකු අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් පසු එදින සිට ඔහුට හිමි වැටුප අත්හිටුවන අතර ඔහුට චෝදනා පත්‍රයක් භාරදී ඊට අදාළව පරීක්ෂණයක් සිදුකිරීම ආයතනික ක්‍රමවේදය වෙයි.

    එම පරීක්ෂණයෙන් අදාළ සේවකයා වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුට සිය රැකියාව අහිමි වනු ඇත.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

    “අපිට විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ මේ වෘත්තීය සමිතිවල බොහෝදෙනෙක් විශාල වරප්‍රසාද ගත්තා. වෘත්තීය සමිති නායකයින්ට වෙන් කරලා තිබුණා නිල වාහන 04ක්. අසීමිත ඉන්ධන කෝටාවන් තිබුණා. නමුත් පසුගිය මාසයේ ඒ සියලුම රථවාහන අපි ලබාගත්තා. මේවත් ඔවුන්ට තිබෙන ප්‍රශ්න වෙන්න පුළුවන්.”

    මෙවැනි පසුබිමක ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර සිය වැඩවර්ජනය ඉදිරියට කරගෙන යාමට එහිදී තීරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 20250127 Views

    බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති…

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.