Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්ධන මිල සංශෝධනය කෙරේ
    Hot News

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    By LFNMarch 29, 2023No Comments2 Mins Read370 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

    එහි නව මිල රු 340කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

    මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

    සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

    භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

    මේ අතර අද දිනයේ ඉන්ධන ඇනවුම් සිදුකර ඇති පිරිසට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    “අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වෙනවා. මේක එක දවසක විතරක් සිදුවන කටයුත්තක් ලෙස බෙදුම්කරුවන්ට යම් අසාධාරණයක් සිදුනොවන ලෙස කරනවා. අද උදෑසන ඉන්ධන ලබාගත්. අද ඉන්ධන ලබාගැනීමට මුදල් ලබාදීලා ඇනවුම් කරලා ඉන්න අයට අද බවුසර් රථය ගෙනියන්න කලින් මේ මිල සංශෝධනය සිද්ධ වෙයි. එහෙම වුණොත් එයාලට ලොකු අලාභයක් වෙයි. ඒ නිසා ඉන්ධන ඇනවුම් කරපු පිරිසටත් යම් සාධාරණයක් කරමින් ඔවුන්ට සිදුවුණ අලාභයෙන් කොටසක් ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් ලබාගැනීමේ පදනම මත ඒ කටයුත්ත සිදුකරනවා. ඒ නිසා ඇනවුම් නොපමාව සිදුකරන්න. අද දවසේ ඇනවුම් දැම්මට ගැටලුවක් නෑ. මේ නිවේදනයෙන් පසුව අලුත් මිල ගණන් යටතේ ඇනවුම් ලබාදෙනවා. නමුත් ඇනවුම් යෑමට ටික කාලයක් යයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.