Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්ධන මිල සංශෝධනය කෙරේ
    Hot News

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    By LFNMarch 29, 2023No Comments2 Mins Read370 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

    එහි නව මිල රු 340කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

    මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

    සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

    භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

    මේ අතර අද දිනයේ ඉන්ධන ඇනවුම් සිදුකර ඇති පිරිසට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    “අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වෙනවා. මේක එක දවසක විතරක් සිදුවන කටයුත්තක් ලෙස බෙදුම්කරුවන්ට යම් අසාධාරණයක් සිදුනොවන ලෙස කරනවා. අද උදෑසන ඉන්ධන ලබාගත්. අද ඉන්ධන ලබාගැනීමට මුදල් ලබාදීලා ඇනවුම් කරලා ඉන්න අයට අද බවුසර් රථය ගෙනියන්න කලින් මේ මිල සංශෝධනය සිද්ධ වෙයි. එහෙම වුණොත් එයාලට ලොකු අලාභයක් වෙයි. ඒ නිසා ඉන්ධන ඇනවුම් කරපු පිරිසටත් යම් සාධාරණයක් කරමින් ඔවුන්ට සිදුවුණ අලාභයෙන් කොටසක් ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් ලබාගැනීමේ පදනම මත ඒ කටයුත්ත සිදුකරනවා. ඒ නිසා ඇනවුම් නොපමාව සිදුකරන්න. අද දවසේ ඇනවුම් දැම්මට ගැටලුවක් නෑ. මේ නිවේදනයෙන් පසුව අලුත් මිල ගණන් යටතේ ඇනවුම් ලබාදෙනවා. නමුත් ඇනවුම් යෑමට ටික කාලයක් යයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.