Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ බලය රැකෙන කල් විතරයි – අනුර
    Featured

    ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ බලය රැකෙන කල් විතරයි – අනුර

    By LFNMarch 27, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයින්ට වාසි සහගත අයුරින් භාවිත කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමිනි.

    “විසඳුම මාලිමාව” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ පානදුර ජන රැලිය එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

    ” දැන් පසුගිය ජනාධිපතිවරණ ඡන්දය බැලුවොත් අපි ගම්වලට ඇවිත් කියනවා මේ රාජපක්ෂලා හොරකම් කළා, රට විශාල කඩා වැටීමකට ලක් කරලා කියලා අපි 2019 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා. හැබැයි ඡන්දේ, ඡන්දේ අපිට 3% ක් ලැබුණා. ඒ අයට ලක්ෂ 69ක ලැබුණා. එතකොට ඒගොල්ලෝ මොකක්ද කියන්නේ. ඔයාලා හොරකම් කරනවා කිව්වාට ජනතාව අපිට ඡන්දේ දුන්නා. තමන්ගේ දූෂිත හා විනාශකාරී පාලනයට සුජාතභාවය ගත්තේ ජනතාව අනුමතකර ඇති මැතිවරණ ප්‍රතිඵලයෙන්. ඡන්ද ඕනේ වෙලා තිබුණේ ඒගොල්ලන්ට. ඇයි මේ සැරේ ඡන්දේ නැති වෙන්නේ. ඒගොල්ලන්ට ඡන්දේ නෑ. මාලිමාව ජයගන්න නියමිතව තිබුණා. බලය ලැබෙන්නේ නැතිනම් ඒගොල්ලන්ට තවදුරටත් ඡන්ද වැඩක් නෑ. ඒකනේ පෙන්නන්නේ. අපි කිව්වා රනිල් වික්‍රමසිංහට වරමක් නැහැ. ඔව් ජනවරමක් නැති එක ඇත්ත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ ව්‍යවස්ථාවෙන්. ඒ කරලා හැම වේලාවේම අපිට මොකක්ද ව්‍යවස්ථාව තමා උත්තරීතර කියනවා. දැන් ව්‍යවස්ථාව කඩලා තියෙන්නේ කවුද ඒගොල්ලෝ. ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාව ඇතුළේ බලය රැකෙනකම් විතරයි. ඇයි දැන් මේ පස්සට අදින්නේ. මොකක් නිසාද? දීර්ඝ කාලයක් ඒගොල්ලන්ගේ අතේ තිබුණු බලය පොදුජන ව්‍යාපාරයකට මාරුවීමට නියමිත නිසා තමයි මේ වැඩේ කරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 202502 Views

    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24…

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.