Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»IMF සහ රට ගොඩ යන මග – විවෘත සටහන
    Hot News

    IMF සහ රට ගොඩ යන මග – විවෘත සටහන

    By LFNMarch 23, 2023Updated:March 24, 2023No Comments3 Mins Read389 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෙල් පෝලිම්, ගෑස් පොලිම් මත මිනිසුන් මැරී වැටෙද්දී ආර්ථිකය පහලටම ඇදවැටී භාන්ඩ මිල ඉහල යද්දී, රටේ ජනතාව පාලකයන් එපා කියා වීදි බැස අරගල කරද්දී සහ අවසානයේ ජනතාව විසින් පත් කල ජනපතිව ජනතාව විසින්ම පලවා හරිද්දී රට වැටී තිබූ ආගාධය දෙස බලමින් ඝෘජු ලෙස තීරණ ගනිමින් විශ්වාසනීයව රට භාරගත්තේ නිර්පාක්ෂික ජනපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහයි.
    ණයක් ලැබීම යනු අත්පුඩි ගැසීම සඳහා කාරණයක් ද යන්න තවදුරටත් ප්‍රශ්න කරනා පිරිසක් මේ රටේ සිටිය හැකිය. ණය යනු ආයෝජන ස්වභාවයකි. මූල්‍ය අරමුදල අපට ණය ලබා දුන්නේ කොන්දේසි ගණනාවක් මතය. ඒවා අතර කැමති අකමැති ආදී කාරණා තිබේ. සියල්ල අපේ කැමැත්තට, කොතැනදීවත් සිදු වන්නේ නැත. අකමැත්ත ද අපේක්ෂාවේ, එක් ආකාරයක් බවට පත් කර ගැනීමට අප දක්ෂ විය යුතුය. ණයක් ලෙසට වඩා මෙය සහනයක් බවට පත් කර ගත යුත්තේ, සියල්ල අහිමි වූ බංකොලොත් ලේබලය ගලවා ගැනීමට මෙම පිළිවෙත අපට අවශ්‍ය වූ හෙයිනි.
    ශ්‍රී ලංකාව විසින් ඉල්ලුම් කරන ලද ණය මුදල මාර්තු මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය. IMF ණය මුදල අනුමත කිරීම කවර අතින් වුවද හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටි මහා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තුඩු දෙන මහා පිම්මක් ලෙසය. අති විශාල ජයග්‍රහණයක් ලෙසය. අද ජීවත්වන ජනතාවට මෙන්ම අනාගත දරු පරපුරට ජීවත් වීම සඳහා රටක් ඉතිරි කර දීමක් ලෙසය.
    බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සමග විධිමත්, දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකට හෝ ආධාර වැඩපිළිවෙළකට කිසිම හෝ රටක් හෝ ආයතනයක් ඉදිරිපත් වූයේ නැත. ඉන්දියාව සහ චීනය වැනි රටවල් ශ්‍රී ලංකාවට භාණ්ඩ හුවමාරු ණය ලබා දීමට ඉදිරිපත් විය. ඒ අතරම ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සමහර රටවල සමහර මූල්‍ය ආයතන විසින් නොපිළිගන්නා තත්ත්වයක් ද ආනයනය සඳහා නිකුත් කරනු ලබන ණයවර ලිපි ඒ ආකාරයටම සමහර රටවල නොපිළිගන්නා තත්ත්වක් ද උද්ගතව තිබිණ.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය මුදල අනුමත කිරීමෙන් පසු අනෙක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ද රටවල් විසින් ද ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දීමට ද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ද ඉදිරිපත් වනු ඇත. 2021 වසරේ දී ශ්‍රී ලංකාව ඒ දක්වා අත්විඳ නැති ආකාරයේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර 2022 වසරේ දී එය අතිශය දරුණු තත්ත්වයකට පත් විය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ගොඩනැගීමට නම් රට විදේශ ආයෝජකයන්ගේ අවධානයට යොමු විය යුතුව ඇත.
    බංකොළොත් රටවල මුදල් ආයෝජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. කොළඹ වරාය නගරය ආයෝජකයන් පිළිගැනීම සඳහා සියලු‍ කටයුතු සම්පූර්ණ කර බලා සිටිය ද කෝවිඞ් අර්බුදය හා පසුව ඇතිවූ ආර්ථික අර්බුදය ඒවා ප්‍රමාද කිරීම සඳහා බොහෝ දුරට හේතු වුයේය. අද වන විට විදේශ ආයෝජකයෝ බොහෝ පිරිසක් වරාය නගරය ඇතුළු ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිති.
    ශ්‍රී ලංකාවට ණය මුදල් අනුමත කිරීමට නම් ශ්‍රී ලංකාව විසින් පිළිපැදිය යුතු කොන්දේසි කවරේද?
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මීට පෙර ප්‍රකාශ කර සිටියේ IMF ණය මුදල අනුමත වීමෙන් පසු රජය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රටට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට එය සම්මත කරගත හැකි බවත් අවශ්‍ය නොවන්නේ නම් පාර්ලිමේන්තුවට එය පරාජය කර දැමිය හැකි බවත්ය.
    මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට එක් අභියෝගයක් ඉදිරිපත් කළේය. රට මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂවලට විකල්ප යෝජනා තිබේනම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන ලෙසය. කිසිදු දේශපාලන පක්ෂයක් මේ දක්වා එකදු යෝජනාවක් හෝ ඉදිරිපත් කර නැත.
    වත්මන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය බිඳ වැටීමට තුඩු දුන් හේතුව ඉතා ලු‍හුඬින් විස්තර කළේ ‘ණයට ගෙන මඟු‍ල් කෑමක්‘ ලෙසය. එම ප්‍රතිපත්තියෙන් බැහැරව සෑම දෙනාගේම කැපවීම සහ ශක්තිය මත ගොඩ නගන, රටට ස්ථාවරත්වය ගෙන එන, නිෂ්පාදන ආර්ථිකයකට මුල පිරීම සඳහා දැන් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,449 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.