Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෙන්වූ බිත්තර තොගය ගැන ඇමති කී කතාව
    Featured

    ගෙන්වූ බිත්තර තොගය ගැන ඇමති කී කතාව

    By LFNMarch 23, 2023No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට නිකුත් කිරීම සඳහා තවත් දින 3ක් ගතවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද පාල්රිමෙන්තුවේදී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව ඇති බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,

    “බිත්තර ආනයනය කළ යුතු බවට කැබිනට් අනුකමිටුවක් හරහා එකමතිකව තීරණයක් ගත්තා. ඒ නිසා තමයි අපි කටු සහිත බිත්තර ආනයනය කළේ. අද වෙද්දී ඒ පළවෙනි බිත්තර තොගය කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස් තුනක් මේ අය ඉල්ලනවා ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරන්න මේ ලංකාව තුළ. ඉතින් අපි ඒ සඳහාත් අවස්ථාව දීලා තියෙනවා. මේ ආයතනය ලෝකේ තියෙන ඉහළම ප්‍රමිතීන් බලන හැම ආයතනයකටම බිත්තර සපයන ආයතන. ඒ සියලු සහතිකත් එක්ක තමයි අපි මේ බිත්තර ආනයනය කරලා තියෙන්නේ ඒ නිසා හෙට අනිද්දා වෙද්දී මේ බිත්තර ජනතාවට ලැබේවි.”

    මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබීය.

    රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බවය.

    වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 202602 Views

    පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා…

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.