Close Menu
Lanka Focus News
    What's Hot

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»“ගුරු සංගම් පවත්වන්න ඔයා ගුරුවරයෙක් නෙමෙයිනේ” – ජෝසෆ් ස්ටාලින්ට සිසු දෙමාපියන්ගෙන් විරෝධයක් (Video)
    Featured

    “ගුරු සංගම් පවත්වන්න ඔයා ගුරුවරයෙක් නෙමෙයිනේ” – ජෝසෆ් ස්ටාලින්ට සිසු දෙමාපියන්ගෙන් විරෝධයක් (Video)

    By LFNMarch 22, 2023Updated:March 22, 2023No Comments2 Mins Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරුවරුන්ගේ අයිතීන් ඉල්ලා අද කොළඹ කොටුව ඉදිරිපිටදී ලංකා ගුරු සංගමය විසින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට පාසැල් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් දැඩි ලෙස විරෝධය දක්වන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ දෙමාපියන් පවසා සිටියේ ජෝසෆ් ස්ටාලින් යනු කිසිදු පාසැලක සේවය නොකරන කෙනෙකු බවයි. එසේම ගුරුවරයෙකුද නොවන ඔහු දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් මෙලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

    බලධාරීන්  මාර්ගයෙන් සාකච්ඡා මගින් විසඳාගත හැකි සුළු වෘත්තිය ගැටළු ඉතා විශාල ලෙස උලුප්පා පෙන්වාදෙමින්  ගුරුවරුන් පෙරටුකරගෙන මෙලෙස විරෝධතා දියත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මොහු කිසිදු විටකත් දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හෝ දෙමාපියන් ලෙස දැනට පවතින ආර්ථිකය හමුවේ අධික ලෙස මිල ඉහල ගොස් ඇති පොත් පත් සහ පාසැල් උපකරණ ගැනීම සහ දරුවන් පාසැල් යැවීමට ඇති අපහසුතා  පිලිබඳ වචනයක් හෝ කතා කිරීමට අපොහොසත් වී ඇති බවයි.



    තම දේශපාලන පටු අරමුණු සහ පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් ගුරුවෘත්තිකයෙකුද නොවන ජෝසෆ් ස්ටාලින් ගෞරවාන්විත ගුරු සේවය අතකොළුවක් කරගෙන මේ වකවානුවේ සිදුකරන උත්‍රපත්‍ර පරීක්ෂා කිරීම් සහ විභාග කටයුතුද කඩාකප්පල් කිරීමට දරන උත්සහය පාසැල් සිසු දෙමව්පියන් ලෙස හෙලා දකින බව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

    වැඩිදුරටත් එම දෙමාපියන් මෙසේ පවසා සිටියා..

    “ජෝසෆ් ඔයා ගුරුවරයෙක් නෙමෙයිනේ, ඒ නිසා ඔයාට කොහොමත් අයිතියක් නෑ ගුරුවරුන්ගේ අයිතීන් සහ වෘත්තීය ගැටළු වෙනුවෙන් කතා කරන්න, අනික එහෙම ගැටළු තියෙනවනම් ඒ ගැන සාකච්ඡා මාර්ගයෙන් රජයත් එක්ක කතා කරල විසදගන්න ඒකට මේ මේ ගුරුවරුන්ව පාරට ගෙන්නලා උද්ඝෝෂණ කලහම අපේ දරුවන්ට කවුද උගන්වන්නේ, ගුරු සේවය කියන්නෙ ඉතා ගෞරවාන්විත වෘත්තියක්, ඒක දරුවන් ඉස්සරහම  නැති කරන්න එපා””

    දෙමාපින්ගේ දැඩි විරෝධය හමුවේ ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිස පැවැත්වූ විරෝධතාවය අතරමග නතර කිරීමට සිදුවූ අතර, පොලිසිය මැදිහත්වී පිරිස විසුරුවා හැරීමට කටයුතු කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 202606 Views

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන්…

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.