Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»“ගුරු සංගම් පවත්වන්න ඔයා ගුරුවරයෙක් නෙමෙයිනේ” – ජෝසෆ් ස්ටාලින්ට සිසු දෙමාපියන්ගෙන් විරෝධයක් (Video)
    Featured

    “ගුරු සංගම් පවත්වන්න ඔයා ගුරුවරයෙක් නෙමෙයිනේ” – ජෝසෆ් ස්ටාලින්ට සිසු දෙමාපියන්ගෙන් විරෝධයක් (Video)

    By LFNMarch 22, 2023Updated:March 22, 2023No Comments2 Mins Read260 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරුවරුන්ගේ අයිතීන් ඉල්ලා අද කොළඹ කොටුව ඉදිරිපිටදී ලංකා ගුරු සංගමය විසින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට පාසැල් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් දැඩි ලෙස විරෝධය දක්වන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ දෙමාපියන් පවසා සිටියේ ජෝසෆ් ස්ටාලින් යනු කිසිදු පාසැලක සේවය නොකරන කෙනෙකු බවයි. එසේම ගුරුවරයෙකුද නොවන ඔහු දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් මෙලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

    බලධාරීන්  මාර්ගයෙන් සාකච්ඡා මගින් විසඳාගත හැකි සුළු වෘත්තිය ගැටළු ඉතා විශාල ලෙස උලුප්පා පෙන්වාදෙමින්  ගුරුවරුන් පෙරටුකරගෙන මෙලෙස විරෝධතා දියත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මොහු කිසිදු විටකත් දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හෝ දෙමාපියන් ලෙස දැනට පවතින ආර්ථිකය හමුවේ අධික ලෙස මිල ඉහල ගොස් ඇති පොත් පත් සහ පාසැල් උපකරණ ගැනීම සහ දරුවන් පාසැල් යැවීමට ඇති අපහසුතා  පිලිබඳ වචනයක් හෝ කතා කිරීමට අපොහොසත් වී ඇති බවයි.



    තම දේශපාලන පටු අරමුණු සහ පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් ගුරුවෘත්තිකයෙකුද නොවන ජෝසෆ් ස්ටාලින් ගෞරවාන්විත ගුරු සේවය අතකොළුවක් කරගෙන මේ වකවානුවේ සිදුකරන උත්‍රපත්‍ර පරීක්ෂා කිරීම් සහ විභාග කටයුතුද කඩාකප්පල් කිරීමට දරන උත්සහය පාසැල් සිසු දෙමව්පියන් ලෙස හෙලා දකින බව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

    වැඩිදුරටත් එම දෙමාපියන් මෙසේ පවසා සිටියා..

    “ජෝසෆ් ඔයා ගුරුවරයෙක් නෙමෙයිනේ, ඒ නිසා ඔයාට කොහොමත් අයිතියක් නෑ ගුරුවරුන්ගේ අයිතීන් සහ වෘත්තීය ගැටළු වෙනුවෙන් කතා කරන්න, අනික එහෙම ගැටළු තියෙනවනම් ඒ ගැන සාකච්ඡා මාර්ගයෙන් රජයත් එක්ක කතා කරල විසදගන්න ඒකට මේ මේ ගුරුවරුන්ව පාරට ගෙන්නලා උද්ඝෝෂණ කලහම අපේ දරුවන්ට කවුද උගන්වන්නේ, ගුරු සේවය කියන්නෙ ඉතා ගෞරවාන්විත වෘත්තියක්, ඒක දරුවන් ඉස්සරහම  නැති කරන්න එපා””

    දෙමාපින්ගේ දැඩි විරෝධය හමුවේ ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිස පැවැත්වූ විරෝධතාවය අතරමග නතර කිරීමට සිදුවූ අතර, පොලිසිය මැදිහත්වී පිරිස විසුරුවා හැරීමට කටයුතු කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.