Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති මානව අයිතීන් කඩනවා
    Featured

    ජනපති මානව අයිතීන් කඩනවා

    By LFNMarch 21, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

    රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුව, දේශපාලන කුමන්ත්‍රණ හරහා රටේ අපක්ෂපාතී අධිකරණය ලබා දුන් තීන්දුවලට සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ කාර්යයට බාධා පමුණුවමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

    බොරැල්ල කුප්පියාවත්ත ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ පොකුරු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය.

    රටේ ජනතාව ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක් වුවත් මේ වන විට එම ක්‍රමයේ වෙනස නොමැතිව රාජපක්ෂලා ආරක්ෂා කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ අර්බුද වලට විසදුම් ලබා දෙනවා වෙනුවට මැතිවරණ කොමිසමට, රටේ උත්තරීතර අධිකරණයට, මුදල් අමාත්‍යාංශයට සහ රජයේ මුද්‍රණාලයට පවා බාධා පමුණුවමින් මැතිවරණ කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මන්ත්‍රීවරුන්ගේ ගිනි ගත් ගෙවල්වලට වන්දි ලබා දීම,පොහොට්ටුවේ මන්ත්‍රීවරුනට ආරක්ෂාව ලබා දීම හා සම්පූර්ණ කාලය ගෙවන තෙක් මහමැතිවරණයකට නොයැම යන හේතු සදහා පමණක් මේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.