Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල
    Featured

    රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

    By LFNMarch 18, 2023No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    හම්බන්තොට ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බවය.

    මේ අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ මේ මස 31වන දිනෙන් අවසන් වන බැවින් නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශය අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 37ක් අතරින් ලක්ෂ 11කගේ පමණ තොරතුරු තහවුරු කර අවසන් බවය.

    දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් පවතින බව එම අමාත්‍යාංශය පවසයි.

    මුදල් රාජ්‍ය අමාත්‍යංශය තවදුරටත් සඳහන් කළේ දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත්ය.

    එමෙන්ම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.