Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වර්ජනයට තාවකාලික නැවතීමක්
    Featured

    වර්ජනයට තාවකාලික නැවතීමක්

    By LFNMarch 16, 2023No Comments2 Mins Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබු වැඩ වර්ජන අද (16) සිට තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

    තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් ඊයේ (15) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

    මේ හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රයන්හි දෛනික කාර්යයන්වලට දැඩි බාධා එල්ල වීමත් සමග ජනතාව ද ඉන් පීඩාවට පත් වුණි.

    කෙසේවෙතත් අද දිනයේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබු වැඩවර්ජනය ද අද පෙරවරු 8.00 සිට තාවකාලිවක අත්හිටුවීමට පියවර ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

    මේ අතර අද සිට දුම්රිය ධාවන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුකිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්
    ආර්.යු.කොන්තසිංහ මහතා පැවසුවේය.

    එමෙන්ම ගුරු වෘත්තීය සමිති ද සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අද සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

    කෙසේවෙතත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහිමට පත්විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

    එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ඊයේ රාත්‍රී රැස්වු එම සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

    මේ අතර ඊයේ පැවති වැඩ වර්ජනය හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් බිලියන 46ක් අහිමි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇති වූ පාඩුව පියවා ගැනීම පහසු කටයුත්තක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.