Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩොලර් සඟවා ගෙන සිටි අයට මහ බැංකු අධිපති කියූ දේ
    Featured

    ඩොලර් සඟවා ගෙන සිටි අයට මහ බැංකු අධිපති කියූ දේ

    By LFNMarch 13, 2023No Comments2 Mins Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් ‘සමා කාලය’ තුළ එම විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබාගැනීමට හැකිව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඊයේ (12) කොළඹ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.

    දෙදිනක් පුරා පැවති එම සම්මන්ත්‍රණයේ පළමු දිනය පැවැත්වුණේ ”අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය” යන තේමාවෙනි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මෙරට අමෙරිකානු තානාපති ජූලී චන්ග් යන මහත්ම මහත්මීන් එක්ව සිටියේය.

    එහිදී අදහස් දැක්වූ හ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “ඩොලර් විනිමය සඟවාගෙන සිටි අය දැන් ඒවා කළු වෙළෙඳපොළෙන් හුවමාරු කරගන්න උත්සාහ කළත් අවාසනාවන්ත විදියට ඔවුන්ට ලැබෙන්නේ අඩු අනුපාතයක්. ඩොලර් රැස් කරගෙන සිටි අපනයනකරුවන්ට වගේම ඩොලර් රැස් කරන ආනයනකරුවන්ට, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වැනි කළු වෙළෙඳපොළෙන් ඩොලර් රැස් කරන වෘත්තිකයින්ට ප්‍රශ්න කිරීමකින් තොරව එම ඩොලර් රුපියල්වලට හුවමාරු කරගන්න අපි මාසයක කාලයක් ලබාදුන්නා. ඒත් එක්රැස් වුණේ ඩොලර් මිලියන 30ක් පමණයි. අපට ඇහුම්කන් දුන් අපනයනකරුවන්ට එම කාලසීමාවේදී ඩොලරයකට රුපියල් 365ක් රුපියල් 370ක් විතර ලැබුණා. ඒ නිසයි අපි වෙළෙඳපොළට මැදිහත් වුණේ. ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසාම දැන් කඩිමුඩියේ ඩොලර් හුවමාරු කරනවා රුපියල්වලට. සමාකාලය තුළ ඩොලර් මිලියන 30ක් පමණක් රැස්වුණත් ඔවුන් දින 07ක් තුළ ඩොලර් මිලියන 500ක් වෙළෙඳපොළට ගෙනැවිත් තිබෙනවා. එහිදී ඩොලර් වෙළෙඳපොළ කඩාවැටීමක් ඇති වුණත් අප මැදිහත් වීම නිසා එය තවදුරටත් කඩාවැටීම වැළකුණා. වෛද්‍යවරුන්, බැංකුකරුවන්, රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් විරෝධය පාන්නේ ඔවුන්ට උපයා ගන්නා විට බදු ගෙවීමට සිදුව ඇති නිසා. මම හිතන්නේ නීතිඥවරුන් විරෝධය නොපාන්න හේතුවක් තිබෙනවා ඇති. විනිසුරුවරුන් ඒ සම්බන්ධයෙන් තර්කයක් ගෙනැවිත් තිබෙනවා. ඔවුන්ගේ ආදායම සැඟවිය නොහැකි ප්‍රකාශ කළ යුතු නිසා. නීතිඥයින් දන්නවා බදු මඟහරින විදිය. ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ලබන ආදායම ප්‍රකාශ කරන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.