Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සඳුදා සිට වැඩවර්ජනයක් ඇරඹෙන බව වෘත්තීයවේදීන් කියයි
    Featured

    සඳුදා සිට වැඩවර්ජනයක් ඇරඹෙන බව වෘත්තීයවේදීන් කියයි

    By LFNMarch 11, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (10) පැවැත්වු සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය.

    මේ හේතුවෙන් එළඹෙන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබේ.

    මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැය දෙකකට අධික කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා තිබුණි.

    ඉන් පසු පිටතට පැමිණ අදහස් දැක්වූ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ සමාජික මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා,

    “අද දින අපි අපේක්ෂා කළ අරමුණුවල ප්‍රතිඵලයක් අපට ලැබුණේ නෑ. මේ ටැක්ස් එක නොපමාව ප්‍රතිසංස්කරණය කළ යුතුයි. අපි බලාපොරොත්තු වුණ විසඳුමක් අපට ලැබුණේ නෑ.”

    මේ අතර සෞඛ්‍ය හා තැපැල් වෘත්තිය සමිති ද රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරි සතියේ ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ අද ප්‍රකාශයට පත් කළේය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ,

    “අපි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් සඳුදා උදේ 8 සිට අකර්මණ්‍යයි. අඟහරුවාදා සෙසු පළාත් වර්ජනයට එක් වෙනවා. අඟහරුවාදාත් විසඳුමක් නොලැබුණොත් බදාදා උදේ 8 සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගමන් කරනවා ඇති.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.