Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»රත්‍රං මිල තවත් අඩු වෙයි – ව්‍යාපාරිකයින්
    Business

    රත්‍රං මිල තවත් අඩු වෙයි – ව්‍යාපාරිකයින්

    By LFNMarch 10, 2023No Comments1 Min Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතු කරගනිමින් මෙරට රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

    රත්‍රං මිල තවදුරටත් පහළ බසිමින් ඊයේ (09) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 145,000ක් ලෙස සටහන්වූ අතර එය පැවති මිලට සාපේක්ෂව රුපියල් 40,000ක පමණ අඩුවීමකි.

    එසේම කැරට් 22 රන් පවුමක් රුපියල් 125,000ක් – 135,000ත් අතර මිලක් දක්වා පහත බැස තිබුණි.

    රත්‍රං මිල පහළ බැසීම සම්බන්ධයෙන් හෙට්ටිවීදියේ රන් අලෙවිකරුවන් පවසන්නේ,

    “රන් මිල පහළ ගියත් බිස්නස් අඩුයි. තවත් ඉදිරියට අඩුවීමක් සිදුවෙයි. මිනිස්සු බලාගෙන ඉන්නේ තවත් අඩුවෙයි කියලා. එතකොට බිස්නස් තියෙයි.”

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේ,

    “මේක ඩොලරයේ පහළ යෑමත් රත්‍රං වෙළෙඳපොළට පැමිණීමත් නිසා සිදුවූ දෙයක්. රත්‍රං වැඩි වශයෙන් භාවිතයට ගන්න ඩුබායි, කටාර්, සිංගප්පූරුව, ඉන්දියාව, කොරියාව වැනි රටවල රත්‍රං මිල සමග මෙරට රත්‍රං මිල අපි සංසන්දනය කරලා බැලුවා. ඒ අනුව ලෝක රන් මිලට සමගාමී මට්ටමකට මෙරට රන් මිල පැමිණිලා තිබෙනවා.”

    මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේ රුපියල් 307ක් දක්වා තවදුරටත් පහළ බැස ඇති අතර එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 325.52ක් ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.