Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි
    Featured

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    By LFNMarch 4, 2023No Comments2 Mins Read526 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  තවත් ශක්තිමත් වී තිබුණි.

    ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි.

    පසුගිය දින 07ක කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ අවම රුපියලේ අගය අද සටහන් වී තිබුණි.

    මෙලෙස රුපියල ශක්තිමත්වීම වාර්තා වන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මෙරට පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් ලබාදුන් පසුබිමකය.

    මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු කිහිපයක් කැල් (CAL) ආර්ථික පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව, මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය අඩුවීම, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරයේ විදේශ විනිමය ආදායම ඉහළ යාම, ඩොලරය දුර්වල වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමේ අපේක්ෂාව මත රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බැවින් ඩොලර් ශ්‍රී ලංකා මුදල්වලට පරිවර්තනය කිරීම ඉහළ යාම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයන ආදායම් සහ ප්‍රේෂණ සඳහා වූ රෙගුලාසි ලිහිල් කිරීම එලෙස රුපියල ශක්තිමත්වීමට බලපෑ කරුණු අතර වන බවය.

    පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පහතවැටීමෙන් මෙරට විදේශ විනිමය සංචිත පිටතට ගලායාම අවමවීමද රුපියල ශක්තිමත්වීම කෙරෙහි බලපෑ ඇති බව වාර්තා වෙයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සියලුම වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ අන්තර් බැංකු විනිමය හුවමාරු ගනුදෙනුවලදී ”ස්පොට් රේට්” සීමාව යටතේ අවම සහ උපරිම අගයේ සීමාව රුපියල් 10ක මට්ටමක පවත්වාගෙන යාමටය.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලක් ලබාදීම සඳහා තීරණයකට එළැඹ ඇතැයි වන උපකල්පනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ යාමක් අද දක්නට ලැබුණි.

    ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 111.09කින් ඉහළ ගොස් සටහන් වූයේ 9,444.92ක් ලෙසය.

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.