Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසියේම සිදුවූ විශේෂ හමුව
    Featured

    හදිසියේම සිදුවූ විශේෂ හමුව

    By LFNFebruary 28, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ.

    එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

    මේ අතර 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට මෙහිදී යෝජනා වී ඇති අතර කථානායකවරයා ඊට සිය එකඟතාවය පළකර තිබේ.

    එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවත් , පවත්නා බරපතළ තත්ත්වයමහපාරට පැමිණ ඇති බවත් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන විරෝධතා ඉදිරියේදී තවත් උග්‍රවිය හැකි බවත්ය.

    එබැවින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසද විපක්ෂනායකවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්, කථානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

    පලාත් සභා මේවනවිට නිෂ්ක්‍රීය බවත් ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු අතේ එහි බලය ඇති බවත්, ඉදිරියේදී පළාත් පාලන ආයතනද ජනාධිපති නියෝජිතයෙකු අතට පත්වෙන බවත් ඒ හරහා මහජන නියෝජිතයින් ජනාධිපතිවරයාගේ අත්අඩංගුවට ලක්වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසීය.

    මේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට පක්ෂ නායක හමුවක් කැඳවා ඇති බවත්, ඉදිරි කටයුතු පිලිබඳව එහිදී තීන්දු කළ හැකි බවත් කතානායකවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.