Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

    September 14, 2025

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    September 14, 2025

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න
    Featured

    සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

    By LFNFebruary 28, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනයවීමෙන් සිදුවූ මරණයක් බවට ඊයේ අධිකරණය ප්‍රකාශ කර තිබේ.

    අදාළ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

    මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

    එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකාර සරසවි සිසුවා ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණි.

    අධිකරණය එහිදී නියෝග කර ඇත්තේ සැකකාර සිසුවා මාර්තු මස 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.

    අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එහිදී අධිකරණය කුරුඳුවත්ත පොලීසිය වෙත නියෝග කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

    September 14, 2025

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    September 14, 2025

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,305 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,546 Views
    Don't Miss

    වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

    September 14, 202503 Views

    මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික…

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    September 14, 2025

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.