Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න
    Featured

    සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

    By LFNFebruary 28, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනයවීමෙන් සිදුවූ මරණයක් බවට ඊයේ අධිකරණය ප්‍රකාශ කර තිබේ.

    අදාළ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

    මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

    එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකාර සරසවි සිසුවා ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණි.

    අධිකරණය එහිදී නියෝග කර ඇත්තේ සැකකාර සිසුවා මාර්තු මස 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.

    අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එහිදී අධිකරණය කුරුඳුවත්ත පොලීසිය වෙත නියෝග කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.