Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ
    Featured

    මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ

    By LFNFebruary 25, 2023No Comments2 Mins Read240 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතට එම ධූරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායකවරයා දැනුම්දී ඇති බව එම සභාවේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    නමුත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

    “මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මත වෙච්ච දෙයක්.”

    “මම මයන්තගෙන් ඇහුවා. මයන්ත නිකන් දන්නේ නැහැ වගේ, එයාගේ ඔළුව හැප්පිලා වගේ මගෙන් අහනවා.”

    “මම කිව්වා.. එහෙම නෙවෙයිනේ මයන්ත.. දැන් ඔයාට කතා කරලා ඇහුවනේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඔබතුමා මේක ප්‍රතික්ෂේප කරනවාද ? භාරගන්නවා ද? කියලා.”

    “එතකොට කියලා තිබ්බා, නැහැ මම කථානායකතුමත් එක්ක අද උදේ කතා කරලා එකඟ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මම මේක අයින් කරගන්නේ නැහැ කියලා. මේක සැලසුම් කරලා කරපු කුමන්ත්‍රණයක්.”

    “විපක්ෂ නායකවරයා ඔහුගෙන් විමසලා තියෙනවා. ඔහු කියලා තිබෙනවා.. නැහැ මම මේක භාරගන්නවා කියලා. එතකොට විපක්ෂ නායක කියලා තිබෙනවා මේක කරන්න එපා මයන්ත. අපි එකඟවෙච්ච විදියට කරන්න කියලා.”

    “එතකොට ඔහු කිව්වයි කියලා කියනවා… මම දන්නේ නැහැ.. ‘එහෙමනම් අපි ආණ්ඩුවට යනවා’ කියලා.”

    මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණි.

    පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේදී රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව පත් කරනු ලැබීය.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ තනතුර සඳහා විපක්ෂය නම් කර තිබියදී ආණ්ඩු පක්ෂය විපක්ෂයේම මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර සම්මත කර ගත්තේය.

    මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.