Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් කාරක සභාවේ සභාපති ධුර ගැටලුව විසඳගන්න හර්ෂ – පාඨලී හමුවෙයි
    Featured

    මුදල් කාරක සභාවේ සභාපති ධුර ගැටලුව විසඳගන්න හර්ෂ – පාඨලී හමුවෙයි

    By LFNFebruary 23, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනාවී ඇති බව එම කාරකසභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රකාශ කළා. ඔවුන් එහිදී එම මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන්දැයි හෙළි නොකළත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ද නම එම තනතුර සඳහා යෝජනා වී ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගෙන් එහිදී කරුණු විමසා තිබෙනවා. එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සමඟ තරඟයක් නොමැති බවයි. එමෙන්ම මුදල් කාරකසභාවේ සභාපති ධූරය තරඟ කර ලබාගැනීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවද චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

    කෙසේවෙතත් මුදල් කාරකසභාව එකඟතාවයකින් තමන්ට එම තනතුර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

    මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ නම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් යෝජනා කර තිබෙනවා. චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නම එම තනතුරට යෝජනා කර ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බවයි වාර්තා වන්නේ.

    මේ අතර පසුගිය පාර්ලිමේන්තු වාරයේදී විපක්ෂයෙන් කෝප කමිටුව නියෝජනය කළ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙවර එම කමිටුවෙන් ඉවත් කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.