Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොර රහසේ ආ අමෙරිකානු කණ්ඩායම ගැන විමල් ප්‍රශ්න කරයි
    Featured

    හොර රහසේ ආ අමෙරිකානු කණ්ඩායම ගැන විමල් ප්‍රශ්න කරයි

    By LFNFebruary 22, 2023No Comments2 Mins Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට බුද්ධි අංශවල සියලු තොරතුරු අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත්කිරීමේ උත්සායක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, පසුගිය දා මෙරටට පැමිණ ඇති අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් රජය පැහැදිලි තොරතුරක් ජනතාවට ලබාදිය යුතු බවය.

    ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

    අමෙරිකාවේ ඉහළ රාජතාන්ත්‍රක නිලධාරීවරයෙක් ඇතුළු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14 වනදා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවට වාර්තා වුණි.

    මේ පිළිබඳ තොරතුරු විමසීමේ දී ගුවන්තොටුපොළ නිලධාරීන් එය “Top secret mission” එකක් යනුවෙන් පැවසු බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

    කෙසේවෙතත් එම පිරිස පැය කිහිපයක් මෙරට රැඳී සිට නැවත පිටත්ව ගොස් තිබුණි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

    “අමෙරිකානු ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට 22ගෙන් සමන්විත පෙන්ටගන් නිලධාරීන් කණ්ඩායමක් මේ රටට ආවා. ඒ අය ඇවිල්ලා ජනාධිපති, ආරක්ෂක ලේකම්, බුද්ධි අංශ ප්‍රධානීන් මුණගැහුණ බවට මාධ්‍යවල වාර්තා වුණා. නමුත් කෙටි කාලයක් ඇතුළත ඒ අය රටින් පිටත්ව ගියා. එම කණ්ඩායමේ නායකත්ව ඉසිලුවේ ගෙට් රෝයල් කියන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අමෙරිකානු ප්‍රධානියෙක්. අපිට දැනගන්න තියෙනවා මේ අය ආවේ VVIP එකෙන් කියලා. ඒ වගේම අපි දන්න විදියට මේ අයගේ ආගමන විගමන කටයුතු හරියාකාරව සිදුවෙලා නෑ. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයට ගිහින් තියෙනවා මේ නිලධාරීන්. ඒ අයගේ ඔක්කෝම ආයුධ නිරායුධ කරලා තමයි ඔවුන් ආයුධ සමග ඒ කාර්යාලයට ගිහින් තියෙන්නේ. අපිට දැනගන්න තියෙන පරිදි මේ ආපු නිලධාරින් උත්සාහ කරන්නේ, ලංකාවේ බුද්ධි අංශවල සියලුම තොරතුරු අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ යටතට පත්කරලා, ඔහු තමයි තීරණය කරන්නේ කොයි එකද යවන්නේ කොයි එකද නොයවන්නේ කියලා. 2001 කාලයේ මේ රටේ වෙලා තියෙනවා. 2004 දී මේක නවත්තලා තියෙනවා. පාස්කු ප්‍රහාර වෙලා තියෙනවා. තව තව ප්‍රහාර වෙලා තියෙනවා. එහෙම රටක මේ අය ආවේ මොකට ද? මොනවද කතා කළේ ? මේ සභාව දැනගත යුතුයි. මෙතැන ඉන්නේ මහජන නියෝජිතයෝ 225ක්.මෙතැන කවුරුත් දන්නේ නෑ. එයාර් පෝට් එකෙන් ඇහුවහම ටොප් සීක්‍රට් මිෂන් කියනවා. එහෙම ඇවිල්ලා සාකච්ඡා කළේ සහ තීරණය කළේ මොනවා ද කියලා ජනාධිපති හෝ අගමැති ඇවිල්ලා මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.