Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වීසා මධ්‍යස්ථානයට පැන්න කාන්තාවක් ඇතුළු 05ක් අත්අඩංගුවට
    Featured

    වීසා මධ්‍යස්ථානයට පැන්න කාන්තාවක් ඇතුළු 05ක් අත්අඩංගුවට

    By LFNFebruary 22, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි.

    එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර තිබුණි.

    ඒ අනුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් සැකකාරිය එම වීසා මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවී සිටි තැනැත්තියක් බවත් සැකකරුවන් අතර සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා සිටින බවත් පොලීසිය කියයි.

    ඉකුත් 15වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර පළාගොස් තිබුණි.

    පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් සොරා ගෙන තිබූ DVR කොටස් දෙකක් කිරුළපන සරණංකර ප්‍රදේශයේදී ඇළකට විසිකර තිබියදී එකක් සොයාගත් බවය.

    විසා මධ්‍යස්ථානයට ලැබී තිබූ මුදල් සොරාගැනීමේ අදහසින් සැකකරුවන් පැමිණ ඇතැයි ද එය ව්‍යර්ථ වූ පසු මෙම දේපළ සොරාගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    සැකකරුවන් කිරුළපන, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.