Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    June 18, 2025

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සේපාල් කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි
    Featured

    සේපාල් කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

    By LFNFebruary 21, 2023No Comments1 Min Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

    එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය.

    එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටියේය.

    එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැඳ සිටියේය.

    ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද නියෝග කළේය.

    දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    June 18, 2025

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    June 18, 20250116 Views

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ…

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.