Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබයෙන් ආණ්ඩුවට රතු එළියක්
    Featured

    සජබයෙන් ආණ්ඩුවට රතු එළියක්

    By LFNFebruary 21, 2023No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ”ඡන්දය දියව්” යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය ඊයේ (20) පස්වරුවේ කොළඹදී පැවැත්වූ විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත විය.

    මරදාන ටෙක්නිකල් මංසන්ධියට රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විරෝධතාකරුවන් එහි සිට කොටුව දෙසට විරෝධතා පා ගමන ආරම්භ කළේය.

    පිරිස මෙලෙස විරෝධතා පාගමනක නිරතවුණේ ස්ථාන කිහිපයකට ඔවුන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබූ පසුබිමකය.

    විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය , ජනාධිපති මන්දිරය ,සහ ගාලු මුවදොර භූමියට ඇතුළුවීම එමගින් වළක්වා තිබුණි.

    නියෝගයෙන් වැඩිදුරටත් දන්වා තිබුණේ ගාලුමුවදොර අවට මාර්ග කිහිපයක ගමන් කිරීමේදී මාර්ග අවහිරතාවක් හෝ රථ වාහනවලට බාධාකිරීම් සිදු නොකරන ලෙසය.

    විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන්ගැනීම වළක්වාළමින් පොලීසිය මාර්ගය අවහිර කර තිබුණි.

    පොලීසියේ බාධා කිරීම් සහ ඒ වන විට ඇදහැලෙමින් පැවති වර්ෂාවද නොකමින් පිරිස ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

    අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් යන මහත්වරු එහි පැමිණ විරෝධතාකරුවන් සමග ඉදිරියට යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය සමග වචන හුවමාරුවක් ඇතිවිය.

    බාධාකිරීම් නොතකමින් විරෝධතාකරුවන් යළි සංවිධාන වෙමින් කොටුව දෙසට පාගමනින් පැමිණියේය.

    සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා විරෝධතාවයට එක්වුණේ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය යාබද ප්‍රදේශයේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.