Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජල ගාස්තුත් වැඩි වන ලකුණු
    Featured

    ජල ගාස්තුත් වැඩි වන ලකුණු

    By LFNFebruary 19, 2023No Comments1 Min Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය කළ විමසීමකදී පැවසුවේ.

    නිසි අධ්‍යයනයකින් අනතුරුව ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සූදානම් වන්නේ. ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදා හැරීමේදී වැයවන සමස්ත මුදලෙන් සියයට 35ක්ම වැය වන්නේ භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

    පසුගිය වසරේ සැප්තැම්බර් පළමුවනදා සිටද පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුණා. ඒ අනුව ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහල දැමුනද එම මුදල ප්‍රමාණවත් නොවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට පෙර පැවසුවේ.

    එවන් පසුබිමක් තුළ විදුලි බිල ගාස්තු ඉහළ දැමීමද සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු ඉහළ දැමිය යුතු බව එම මණ්ඩලයේ අදහස වී තිබෙනවා.

    මේ අතර විදුලි ගාස්තු සියයට 66කින් ඉහළ දැමීමට එරෙහිව බොහෝ ක්ෂේත්‍රවලට අයත් පිරිස් ආණ්ඩුවට එල්ල කළේ දැඩි විරෝධයක්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,390 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 20250115 Views

    ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය…

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025

    පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

    November 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.