Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්

    June 19, 2025

    තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට දුන් දඬුවම

    June 19, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    June 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතීඥ සංගමයෙන් රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්
    Featured

    නීතීඥ සංගමයෙන් රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

    By LFNFebruary 19, 2023No Comments1 Min Read258 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංගයක් වන පසුබිමක මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රජය ගනු ලබන උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කණස්සල්ල පළකර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක්ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් බලපා ඇති බවය.

    භාණ්ඩාගාර ලේකම්වරයාගේ, රාජ්‍ය මුද්‍රණාලයාධිපතිනියගේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල එම ක්‍රියාකලාපය මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණෙන්ම ගත් උත්සාහයන් බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බව නීතීඥ සංගමය පෙන්වා දී තිබේ.

    මැතිවරණ කොමිසමට සහාය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර එසේ සිදුනොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්

    June 19, 2025

    තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට දුන් දඬුවම

    June 19, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්

    June 19, 20250117 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා සිදුකළ ජර්මානු සංචාරයේ නිරතව සිටියදී, ඒ පිළිබඳව ජනතාව කුපිත…

    තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට දුන් දඬුවම

    June 19, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    June 19, 2025

    සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

    June 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.