Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මම බලයේ සිටියා නම් පාස්කු වාර්තාව වෙනස් වෙනවා – මෛත්‍රී
    Featured

    මම බලයේ සිටියා නම් පාස්කු වාර්තාව වෙනස් වෙනවා – මෛත්‍රී

    By LFNFebruary 18, 2023No Comments2 Mins Read413 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ තමා බලයේ සිටියේ නම් වෙනස් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    කොමිසමේ නිර්දේශ ලබා දෙන විට තමා බලයේ නොසිටි හෙයින් එය තමාට අවාසි සහගත ලෙස ලැබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) කළුතර පැවති ජන හමුවකට එක්වෙමිනි.

    “මේ රටේ මැති ඇමතිකම් දරපු විශාල පිරිසක් පහුගිය අවුරුදු තුනේ නිදොස් කොට නිදහස් කළා. හැබැයි ඒ නිදොස් කොට නිදහස් කිරීම මට බලපෑවේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය, ලෝකේ බලවත් රටවල් පැමිණ පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා.

    මම ඒකටත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. එකේ වැරදිකාරයෝ කවුද කියලා හොයන්න. හැබැයි ඒ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා කාලයක් යනකොට මම බලයෙන් අයින් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා 2019. ඒ ජනාධිපති කොමිෂන් සභාව මම බලයේ හිටියා නම්, එහෙම වාර්තාව අවසන් කරලා, ආණ්ඩුවට වාර්තාව භාරදෙන විට ඔය මම පිළිබඳ කළ නිර්දේශය කිසිසේත්ම නිර්දේශ නොකරණ බව මා ඉතා හොඳින් දන්නවා.

    ඒවාට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. ඇතැම් ආගමික නායකයින්, මම දූෂණ වංචා හොයලා නඩු දාපු අයට මා කෙරෙහි තිබුණ වෛරය, ඒ වගේම IS සංවිධානය ලංකාවේ ඇතැම් අය සමග තිබුණු සම්බන්ධතා වැනි කරුණු ගණනාවක් තුළ.. විශේෂයෙන්ම අපේ ඒ කාලසීමාව ගත් විට නිදොස් කොට කට්ටිය නිදහස් වුණා වගේම පහුගිය දවස්වල මම කෝටි 10ක් ගෙවන්න කියලා තීන්දුවක් දුන්නා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 202605 Views

    ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල්…

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.