Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බුද්ධි අංශ හෙළිදරව්වක් – හඳුන්නෙත්ති කී කතාව
    Featured

    බුද්ධි අංශ හෙළිදරව්වක් – හඳුන්නෙත්ති කී කතාව

    By LFNFebruary 17, 2023No Comments2 Mins Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා.

    “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ විසින් ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියල්ල කියන්නේ මොකක්ද. ? ජනතාව දිනන විසඳුම මාලිමාව ජනතාව පිළිඅරගෙන අවසානයි. ප්‍රතිඵලය සියයට 80ට වැඩියි කියන පණිවුඩය දැන් දීලා තියෙන්නේ. මැතිවරණ කොමිසමටත් අයිතියක් තියෙනවා. මැතිවරණය පවත්වන්න. මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න. භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා. අද අපිට හුඟක් දෙනෙක් කතාකරලා කියනවා. සහෝදරයා අපි සල්ලි එකතු කරලා දෙන්නම් ලු. අපි සල්ලි එකතු කරලා දෙන්නම් ලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න. නෑ අවශ්‍ය නෑ. මේ රටේ ජනතාව එච්චර කරදර වෙන්න ඕන නෑ. නිදහස් උත්සවේ ටොයිලට් හදාගන්න පැය දෙකකට එක්කෝටි හතළිස් දෙලක්ෂයක් ගියා. රනිල් වික්‍රමසිංහට පැය දෙකක් තටමන්නේ නැතුව ඉන්න බැරි වුණා. නිදහස් උත්සවේට ගියපු ගාණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න යන ගාණ. ඒක හින්දා දෙන්න ඕන නෑ මේගොල්ලොන්ට හොරකම් කරන එවුන්ට දෙන්න ඕන නෑ. ඒගොල්ලෝ ඡන්දය දිනනවා නම්, ඒගොල්ලෝ කැමති එකෙක් දිනනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන්නේ මාලිමාව දිනන හින්දා, මාලිමාව දිනවන්නේ නැතිවෙන්න ගහන ගුණ්ඩුව. ඒක පරාජය කරනවා, සහතික ලෙස ඒක අපි පරාජය කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.