Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට
    Featured

    එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

    By LFNFebruary 16, 2023No Comments2 Mins Read269 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

    පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිරි නැමති 34 හැවිරිදි එක්දරු පියෙක් ජීවිත්කෂයට පත්වුණි.

    එම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් එදිනම අත්අඩංගුවට ගත් අතර, අනෙක් සිසුවා පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලීසිය පවසයි.

    14 වැනි දා යතුරුපැදියකින් නිවස ආසන්නයේ වූ වෙළෙඳසැලට ගොස් එමින් සිටි විරාජ් යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන්ට සිදුකළ අවවාද කිරීමක් මත බහින්බස්වීමක් හටගෙන තිබේ.

    පසුව සිසුන් විසින් ආරක්ෂක හිස් වැසුම්වලින් විරාජ් ට පහරදී ඇතැයි සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව හෙළි වී ඇත.

    බරපතළ තුවාල ලැබූ විරාජ් රෝහල්ගත කිරීමත් සමග පාසල් සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳසැලක සැඟව සිටි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගැනීමත් සමග ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිිස් නිලධාරීයෙක් පැවසීය.

    ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

    සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවටපත් සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාකොළ ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබේ.

    කෙසේවෙතත් පහරකෑමෙන් අවාසනාවන්ත ජීවිතය හැර ගිය රංග විරාජ් ජයසිරි පෞද්ගලික ආයතනය සේවය කරන අයෙකි. ඇගේ බිරිඳ වෘත්තියෙන් ගුරුවරියකි.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු සිදුකරන පාසලේම සිසුන් බවද වාර්තාවෙයි.

    මාස 11ක පුංචි සිඟිත්තියකගේ දරු සුරතල් විඳිමින් සිටි රංග, ගමේ කාගේත් අතර හිත දිනාගත් අයෙකි.

    ඔහුගේ හදිසි වියෝව ගැන මුහුණුපොතේ තබා ඇති සටහන් කිහිපයක් මෙලෙස උපුටා ගැනුණි.

    “අයියේ අපි දන්නවා ඔයා මොන තරම් අහිංසක කෙනෙක්ද? කවදාවත් කෙනෙක්ගෙ හිතක් පෑරෙන්නවත් කතා නොකරපු ඔයාට මේ අවුරුදු 16ක නරුම මිනීමරුවෝ මේ වගේ කරේ කොහොමද ? වතාවක් දෙවතාවක් නෙමෙයි මැරෙනකන්ම හෙල්මට් පාරවල් කීයක්නම් ගහන්න ඇතිද? මොන තරම් වේදනාවක් දැනෙන්න ඇතිද? අයියගෙයි අක්කගෙයි බබාගේ පළවෙනි අවුරුද්දෙ උපන්දිනයට තව මාසයයි… අයියා කොයිතරම් හීන බලාපොරොත්තු දකින්න ඇතිද ?”

    “උඹට දැන් සතුටු ඇති
    තාත්තගෙ වටේ
    හිතේ හැටියට දැවටෙන්න
    තුරුලට වෙලා ඇති තරම් නැළවෙන්න
    ඒත් හිතුනෙම නැද්ද උඹට
    පොඩි එකී තාම චූටියි
    ඒකිට මාව ඕනම කාලෙ
    කොහොමද උඹ හිත හදාගත්තෙ
    දාල යන්න අම්මව
    ආදරේ නාමෙන් ඇඟිලි පටලං ආපු
    පෙම්වතී ගැන
    මතක් වුණෙ නැද්ද උඹට
    මේ තරම් ඉක්මනින්
    අත්හරින්න හැමදේම
    උඹට හිත හදාගත්තු හැටි
    කියාදීපං අපිටත්
    මේ සසර හරි බරයි
    උඹ ආයෙමත්
    තේරුම් කරන්න හදන්නෙත්
    ඒකමයි…”

    රංගගේ දේහය මේ වනවිට නිවසට ගෙනැවිත් ඇති අතර අවසන් කටයුතු හෙට (17) සිදුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 20260123 Views

    එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික්…

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.