Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වී ගන්න විදිය ගැන ජනපති කාර්යාලය කියයි
    Featured

    වී ගන්න විදිය ගැන ජනපති කාර්යාලය කියයි

    By LFNFebruary 14, 2023No Comments3 Mins Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිලදී ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි .

    ඒ අනුව උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 100කට ද, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 88කට ද මිලදී ගනු ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

    වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී තොග බාර ගැනීම, ගබඩා කිරීම සහ ඊට අදාළ ලේඛන පවත්වා ගැනීම හා ගිණුම් ගත කිරීම පිළිබඳ වගකීම දිස්ත්‍රික් ලේකම්වරු සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරේ.

    මිලදී ගන්නා වී තොග කඩිනමින් සහල් කර 2023 මාර්තු සහ අප්‍රේල් මාස තුළදී බෙදා හැරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා වී කොටා අවසන් කළ හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්/ සමූපකාර සමිතිවල වී කෙටීමේ ධාරිතාව සලකා බලා වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් එම වී මෝල් හිමියන් හා සමූපකාර සමිතිවලට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

    වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය අක්කර 01 දක්වා කිලෝ ග්‍රෑම් 2,000ක් ද, අක්කර 1-2 දක්වා වී කිලෝ ග්‍රෑම් 4,000ක් ලෙස ද අක්කර 2ට වැඩි වී කිලෝ ග්‍රෑම් 5,000ක් ලෙස ද දක්වා ඇත.

    සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක කරන රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා වන අරමුදල් අවශ්‍යතාවය දිස්ත්‍රික් ලේකම්වරු විසින් මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත දැන්විය යුතුය.

    ඒ අනුව සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව විසින් සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරු වෙත භාණ්ඩාගාර අරමුදල් වෙන් කිරීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුවටත්, අක්මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

    ඒ අනුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත සෘජුවම අයවැය ප්‍රතිපාදන ලබාදෙනු ඇති අතර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වී මිලදී ගැනීම සඳහා අක්මුදල් නිදහස් කරනු ඇත.

    වී මිලදී ගැනිමේ වැඩසටහන සඳහා වන අරමුදල්, අවශ්‍යතාවය පරිදි මහා භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කිරීම සිදු කරනු ලැබේ.

    තම දිස්‍ත්‍රික්කයේ ගොවීන්ගෙන් පමණක් වී මිලදි ගන්නා බවට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වගබලාගත යුතු අතර අදාළ ගොවියා නමින් නිකුත් කරනු ලබන ගෙවීමේ සහතිකපත්‍රය ලංකා බැංකුව. මහජන බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අදාළ ශාඛාවට ඉදිරිපත් කළ විට අදාළ බැංකුව විසින් එම ගොවියාගේ බැංකු ගිණුමට නියමිත මුදල වහාම බැර කරනු ලැබේ.

    මහ කන්නයේ දී මිලදී ගනු ලබන වී තොග සහල් කර හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි එක් පවුලකට මාසයකට කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට නියමිත අතර ඊට අදාළ උපදෙස් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ඇත.

    වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් ගතයුතු පියවර පිළිබඳව ද උපදෙස් නිකුත් කර තිබෙන අතර ගබඩාවල පවතින වී සහ සහල් තොග ආරක්ෂාව සඳහා අවශ්‍යතාවය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොදවා ගැනීම, වී මිලදී ගැනීමේ දී වන මෙහෙයුම් වියදම් අදාළ මුදල් රොගුලාසි, චක්‍රලේඛ සහ අනෙකුත් රජයේ අනුමැතින්ට යටත්ව සිදු කිරීම, එක් එක් දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියෙකු පත් කිරීම ඊට ඇතුළත්ය.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රමුඛතාවයක් සේ සලකා රජයේ වියදම් අවම වන පරිදි අස්වනු නෙළන කාලය තුළ සමස්ත රාජ්‍ය සේවය කැපවීමෙන් ආදර්ශමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 20260117 Views

    සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව…

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026

    පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.