Close Menu
Lanka Focus News
    What's Hot

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»උඩු ගුවනේදී කතකගේ දිවි බේරූ ලාංකික වෛද්‍යවරිය
    Gossip

    උඩු ගුවනේදී කතකගේ දිවි බේරූ ලාංකික වෛද්‍යවරිය

    By LFNFebruary 13, 2023No Comments2 Mins Read279 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි.

    මෙල්බන් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවක සිටි 85 හැවිරිදි කාන්තාවක් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලී තිබෙනවා. එම අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටී නම් සිය කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසයි.

    ඒ අනුව ඉදිරිපත් වූ මනෝරි ගමගේ නමැති වෛද්‍යවරිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු වයෝවෘද්ධ කාන්තාවට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

    ඒ අනුව, ඔක්සිජන් ලබා දීමටත් , ඇදුම රෝගයෙන් පෙලුණු එම කාන්තාව සතුව තිබූ ඉන්හේලරය මඟින් ඖෂධ වාර කිහිපයක් ලබා දිමටත් ඇය පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ. රුධිර පීඩනය මැනිය හැකි උපකරණයක් ගුවන් යානය තුළ තිබී නොමැති අතර තවත් ගුවන් මගියෙකුගේ ස්මාර්ට් ඔරලෝසුවක් භාවිත කර වයෝවෘද්ධ කාන්තාවගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීමටද කටයුතු කර , තවත් මගියෙකු සතුව තිබූ ඇස්ප්‍රින් ඖෂධය රෝගී කාන්තාව වෙත ලබා දීමටද ඇය පියවර ගෙන තිබෙනවා.

    රෝගි කාන්තාව සතුව තිබූ සැල්බියුටමෝල් ඉන්හේලරය මඟින් ඖෂධ වාර කිහිපයක් ලබා දුන්නද එයද ප්‍රමාණවත් වී නැහැ.

    ඒ අනුව කුඩා දරුවෙකුට ලබා දෙන ප්‍රෙඩ්නිසොලෝන් සිරප් බෝතලයක් මගීන් සතුව තිබී එම ඖෂධයද ලබා දී වයෝවෘද්ධ කාන්තාවගේ දිවි ආරක්ෂා කිරීමට එම ශ්‍රී ලාංකික වෛද්‍යවරිය සමත්ව ඇත්තේ ගුවන් යානයේ සිටි සියලු මගීන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,424 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 202609 Views

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන…

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.