Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»භූමිකම්පාවෙන් බැටකන තුර්කියේ රජයට දසතින් චෝදනා
    International

    භූමිකම්පාවෙන් බැටකන තුර්කියේ රජයට දසතින් චෝදනා

    By LFNFebruary 9, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීමේදී හා සහන සැලසීමේදී රජය අතින් යම් යම් ගැටලු සිදුවූ බව එරට ජනාධිපති රිසෙප් තායිප් අඩර්ගෝඩ්න් පවසනවා. ඒ, විපක්ෂය ඇතුලු විවේචකයින් එල්ලකරන දැඩි විවේචනවලට ප්‍රතිචාර දක්වමින්. එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.

    හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී බවත්, රජයේ සූදානම දුර්වල බවත් විවේචකයින් දිගින දිගටම චෝදනා කරනවා. මෙම ව්‍යවසනයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් එරට විපක්ෂයේ අදහසයි.

    එහෙත් එරට ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙවන් ව්‍යවසනකාරී කාල පරිච්චේදයකදී අවශ්‍ය වන්නේ එක්සත් භාවය බවයි. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මඩ ගැසීම් නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

    තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 12,000 කට ආසන්නවී තිබෙනවා. සිරියාවටද භූ කම්පනයෙන් බලපෑම් එල්ලවුණා. විපතට පත්වූවන්ට ආධාර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක් ලබාදීමටයි යුරෝපා සංගමය මේ වන විට තීරණය කර ඇත්තේ. භූමිකම්පාවෙන් පසු රටවල් දෙකේම සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 20250112 Views

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි…

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.