Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය
    Featured

    රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

    By LFNFebruary 8, 2023No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ.

    නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු අද (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි.

    අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු වූ බව “අද දෙරණ” පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.

    එහීදී කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

    නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට ඉදිරිපත් කරමින් සිටී.

    ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

    බදු අය කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක් බව ජනාධිපතිවරයා පවසයි.

    “පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩුකරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති වෙලා තියෙනවා. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙවා. අනතුරදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ඒ අවේ ලේහෙසි පහසු ගමනක් නෙමෙයි. හැබැයි ගමන තවම ඉවර නැහැ. බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණ රජ්‍යය මුල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා…

    “මතක තබා ගන්න මට ඕනේ ජනප්‍රිය නෙමෙයි. මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදයෙන් යළිත් ගොඩ නැංවීමටයි. ඔව් රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝදෙනෙක් ට අවබෝධ වෙයි. බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දැමිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව සමහරු කියනවා. මේ බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනගන්න බෑ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රු බිලියන 100ක් අහිමිවෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පුර්ණ මුදල රු 163ක්. මේ මුදල අහිමිකර ගන්න පුළුවන් තැනක නෙමෙයි අපි අද ඉන්නේ…

    සමාජයේ සියලු කොටස්වල ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5ක් 6ක් වැනි කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදිහට ඉදිරියට ගියොත් අවුරුද්දේ 3 වෙනි 4 වෙනි කාර්තුවේදී රජයේ සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජවතාවගේ අතමිට අදට වඩා සරුකරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩුකරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගතවෙද්දී අද ලබන ආදායමට වඩා 75%ක් පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්…”

    එහි සජීවි දර්ශන ඉහතින් දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.