Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 2025

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025

    වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙමළ අයිතිවාසිකම් ගන්න හැටි සානක්‍යන් කියයි
    Featured

    දෙමළ අයිතිවාසිකම් ගන්න හැටි සානක්‍යන් කියයි

    By LFNFebruary 7, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

    බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කර කර සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙනවා.

    සිංහල පමණක් නීතිය ගෙන ආ අවස්ථාවේ බුද්ධිමත් දෙමළ තරුණ තරුණියන් මෙන්ම බොහෝ උගතුන් මේ රට හැර ගියා. ඇත්ත එයයි. වර්තමානයේ දකුණේ බොහෝ උගතුන් බුද්ධිමතුන් මේ රට හැර යනවා. අද මේ රටේ ජනතාව හඬ නඟන්නේ ඒ වෙනුවෙන්.

    අද මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස අහිමි වී තිබෙනවා. නමුත් දෙමළ ජනතාවගේ ආර්ථික මෙන්ම දේශපාලන නිදහසත් අහිමිව තිබෙනවා. එවා ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. වතුකරයේ දෙමළ ජනතාව මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල කැපවීමක් කරන ජන කොට්ඨාසක්. ඔවුන්ගේ පුරවැසි අයිතිය පවා අහිමි කළ කාලයක් තිබුණා. නමුත් තවමත් ඒ ජනතාව රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටිනවා.

    උතුරු නැගෙනහිර පළාත් ජනතාවගේ ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩම් සිංහල ජනතාව වෙත බෙදා දී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025

    වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

    August 22, 2025

    තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,273 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 20250127 Views

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු…

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025

    වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

    August 22, 2025

    තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.