Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»’’ජවිපෙට හැකි නම් අපට බැරි ඇයි’’
    Featured

    ’’ජවිපෙට හැකි නම් අපට බැරි ඇයි’’

    By LFNFebruary 6, 2023No Comments1 Min Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවති පළාත් පාලන අපේක්ෂක හමු වලට සහභාගී වෙමිනි.

    කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.

    “මෙතනට ආවට පස්සේ හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා. ඒකට මටවත් මහලේකම්තුමාටවත් උත්තරයක් දෙන්න බැහැ. හේතුව අධිකරණයට ගිහින් තියෙන්නේ. 9 වෙනිදා 10 වෙනිදා වන විට අධිකරණය ලබා දෙන තීන්දුව මත තමයි මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ”යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.