Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණය හමුවේ බිත්තර නිෂ්පාදකයින් දුන් පොරොන්දුව
    Featured

    අධිකරණය හමුවේ බිත්තර නිෂ්පාදකයින් දුන් පොරොන්දුව

    By LFNFebruary 6, 2023No Comments1 Min Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

    බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම අද (06) කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

    ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් වශයෙන් පාලන මිල නියම කර තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

    මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවත් දන්වා සිටියේය.

    එහිදී පරිභෝග සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අගෝස්තු මාසයේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ බිත්තර පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර නිෂ්පාදකයින් රුපියල් මිලියන විස්සකට වැඩි අයුතු ලාභයක් ලබාගත් බව සඳහන් කර සිටියේය.

    ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ නම් ආදර්ශ නඩු ගාස්තුවකට යටත්ව එම ඉල්ලීමට ඉඩදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    අනතුරුව එම ඉල්ලීම පිළිබඳ විභාගය මාර්තු මස 30 වනදා සිදුකරන බව අධිකරණය නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 20260114 Views

    නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි…

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.