Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් අපි හදමු – වසන්ත මුදලිගේ
    Featured

    ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් අපි හදමු – වසන්ත මුදලිගේ

    By LFNFebruary 2, 2023No Comments2 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

    අද (02) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

    “සැලසුම් කරලා තිබ්බේ මාව මේහෙම නිදහස් කරන්න නෙමෙයි. හැකිනම් ඝාතනය කරන්න. මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමීම හමුවේ අපිව නිදහස් කරන්න සිදු වුණා. මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලීසියෙන්. පෑලියගොඩ පොලීසියට අරගෙන ගිහින් හංගලා වගේ තියා ගත්තා. පහුවදා උදේ පාන්දර රෙදිවලින් ඔතලා එඩේරමුල්ල පොලීසියට අරන් ගියා. ඒ පොලීසිය හිස් කරලා තිබ්බේ. විජේවීරට වුණු දේ උඹට මතකද ඇහුවා. මරණවා කියලා තර්ජනය කරලා. දිගින් දිගටම රඳවගෙන වධ දුන්නා. මානසිකවත් වධ දුන්නා.”

    “ඊට පස්සේ වාහනයක දාගෙන වෙරළබඩ පැත්තේ පොලිස් නේවාසිකාගාරයකට අරන් ගිහින් බිම් මහලේ කරුවල කාමරයක දාලා පැය ගාණක් රෙදිවලින් ඔතලා තිබ්බා.”

    “අවසාන කෑම වේල කන්න ඕනෙද කියලා ඇහුවා.”

    “තව දවසක් වාහනයක දාගෙන නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනේ පාළු පැත්තකට අරන් ගිහින්..කෝල් එකක් අරගෙන කාටද කියනවා සර් අපි අදාළ තැනට ඇවිත් තියෙන්නේ.. මොකද කරන්න ඕනේ කියලා.”

    “ඒ වෙලාවේ නවගමුව දේවාලේ ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක් එනවා.. අන්න අරූ එනවා කියලා තව නිලධාරියෙකුට කිව්වා.. ඔහුව නවත්වන්න කියලා.”

    “මදූෂ්ව ඝාතනය කළ හැටි කිව්වා. මාව ඝාතනය කරන්න සැලසුම් කළා.”

    “මාව අරන් ගියේ විමර්ශන ස්ථානවලට ද? මේවට නිශ්චිත උත්තරයක් පොලීසිය දෙන්න ඕනේ. මේක සැලසුම් සහගතව කරපු දෙයක්.”

    “ඊට පස්සේ තමයි ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන්නා.”

    “හොර රහසේ අපිව අරන් යද්දි, පොලීසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද මම නිදහස් වුණේ.”

    “හැබැයි තාම මර්දනය නතර කරලා නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්.”

    “නිදහස් කළා කියලා අරගලය ඉවර නැහැ. අරගලය අඛණ්ඩව යනවා.”

    “ඔවුන් ත්‍රස්තවාදය වපුරලා අපිට ලේබල් ගහනවා.”

    “ආණ්ඩු කොහොම පත්වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවා නම් ආපසු හැරිලා බලන්න.”

    “අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා. ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මැදිහත් වෙමු.”

    “ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනුකර තිබෙනවා. පීඩාවට පත් කරපු නිලධාරීන්ට විරුද්ධවත් තනි තනිව නීතිමය පියවර ගන්නවා.”

    “අපි 4 වනදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. 04 වනදා කොළඹ එන්න අපේ නිදහස දිනා ගන්න. කොළඹ එන්න බැරි අය ළඟම හන්දියට කළු කොඩියක් අරගෙන එන්න.”

    “අඩි 4යි 7තේ යකඩ කූඩුවක දාලා තිබුණා. අඳුරුම අඳුරු.. කිසිම ඉර එළියක්වත් එන්නේ නැහැ. නාන්න දුන්නේ කොමඩ් එකේ හෑන් ෂවර් එකෙන්. කෑම එක බිම දාගෙන යකඩ තහඩුවක කෑවේ. අපිව අසනීප කරන්නමයි එහෙම කළේ. ප්‍රතිකාරවලට යොමු කළෙත් ගොඩාක් පහු වෙලා.”

    “පොලීසියේ තරු ගහගන්න හීන නැති හැමෝම කතා කළා. මල්ලී අපිත් අරගලයේ තමයි.. කියලා කිව්වා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.