Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ජනපති ට වාර්තාවක්
    Featured

    සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ජනපති ට වාර්තාවක්

    By LFNFebruary 2, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ, ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු මෙහි දී අනාවරණ වීම හේතුවෙනි.

    අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව මඟින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනි.

    2022 ඔක්තෝබර් මස 09 වැනි දින අදාළ කමිටුව පත් කෙරුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම කමිටුව මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අතිරික්ත රබර් ආනයනය සීඝ්‍රයෙන් පහළ වැටිණි.

    2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව රබර් ආනයනය 93%කින් පහළ වැටුණු අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 39%කින් ඉහළ ගියේ ය.

    මෙම කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙමින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර විටින් විට මතු වූ තත්ත්වයන්ට පිළියම් යොදමින් දේශීය රබර් වගාකරුවා ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250120 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.