Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ජනපති ට වාර්තාවක්
    Featured

    සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ජනපති ට වාර්තාවක්

    By LFNFebruary 2, 2023No Comments1 Min Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ, ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු මෙහි දී අනාවරණ වීම හේතුවෙනි.

    අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව මඟින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනි.

    2022 ඔක්තෝබර් මස 09 වැනි දින අදාළ කමිටුව පත් කෙරුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම කමිටුව මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අතිරික්ත රබර් ආනයනය සීඝ්‍රයෙන් පහළ වැටිණි.

    2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව රබර් ආනයනය 93%කින් පහළ වැටුණු අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 39%කින් ඉහළ ගියේ ය.

    මෙම කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙමින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර විටින් විට මතු වූ තත්ත්වයන්ට පිළියම් යොදමින් දේශීය රබර් වගාකරුවා ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.